Tuesday, October 30, 2018

අයි මීන් කොහෙද කොලේජ් ගියේ

"ලංකාවෙද ?"

"ඔව්... ඔබතුමා"

"තමුසේ ලංකාවේ කොහෙද? අයි මීන් කොහෙද කොලේජ් ගියේ?"

තමුසේ උඹ බං බොලං වචන කිසිම දවසක හිත රිදෙන වචන නොවුනේ ඒවා කියන කියපු මිනිස්සු එක්ක තිබ්බ සමීප බැදීම නිසාමයි. පැය දොලහක රාත්‍රී වැඩ මුරයක් ඉවර කරලා පට්ට සීතලේ කෝච්චිය එනකන් ස්ටේසමේ බංකුවක වාඩි වෙලා හිටි මාව දැකලා ලගට අපු මහත්ත එහෙම අහපුවම තරහක් ආවත් මොන වර්ගයේ ජීවියෙක්දැයි නොදන්න,නිසාම මන් කටවහගෙන හිටියා.

" මම පැල්මඩුල්ල කිට්ටුව ඕපනායක "

" අයිසේ බලනවා තමුසෙගේ හැටි... මොනාද මේ ලංකාවේ නම කනවා තමුසෙලා වගේ ලෝ ක්ලාස් මිනිස්සු."

ඒ වෙද්දි යුරෝපයේ විශාලතම ෆ්ලයි වුඩ් නිශ්පාදකයා වෙච්ච ක්‍රෝනෝස්පෑන්(krono span) සමාගෙමේ පද්ධති මෙහෙයවන්නෙක්ප් ඒම නැත්නම් සිස්ටම් ඇඩ්මින් එකෙක්. හවස හයේ ඉදන් උදේ හය වෙනකන් අක්කර තිස්පහක බිමක තිබ්බ කර්මාන්ත ශාලාව අස්සෙ අඩුම කුඩුම ටික,දාගෙන එක එක මීටර් පැනල් දිහා බලන් ඉන්න එක මගේ රාජකාරිය ඔය,නිසාම දූවිල ලී කුඩු තෙල් මජං නාගෙන උදේම එලියට එන්නෙ. බොහෝ දෙනෙක් කම්හල ඇතුලෙම පිහිටා තිබූ සුවිසල් නාන කාමරෙය්න් ( එකවර පනහකට පමණ නෑම සදහා පෝලිමට වතුර මල් සවිකර ඇත)නාල පිරිසිදු වෙලා හොද ඇදුමක් ඇද එලියට ගියද මා හට එසේ කිරීමට හැකියාවක් නොවූවේ සියලු සුද්දන් නිරුවතින් එක ගොඩේ ස්නානය කිරීම මහත් අපුලක් මෙන්ම මා එසේ කිරීමට ගියහොත් මොන මරාලයක් කඩා වැටේදැයි ඇති වූ සුවිශාල බියත් නිසාවෙනි.

කෝච්චිය ගොඩ වෙලා පොඩි නින්දක් දාගෙන ගෙදරට ගිහින් නාලා කාල හවස තුන වෙනකන් නිදා,ගන්න එක ඇරෙන්න වෙන දෙයක් තිබුනේ නෑ ඒ ජීවිතේ

මං මහත්තයගෙන් මෙහෙම ඇහුවා

" මහත්තය ලංකාවේ කොහෙද?"

තමන් අසුවල් අමාත්‍යාංශයේ ලේකම් වරයෙකු බවත්... බිරින්දෑ ගේ ආචාර්ය උපාධිය සදහා දරුවන්,සමහ මෙහි ආ බවත්.. අල්ලපු නගරයෙහි ධනවතුන් වෙසෙන පෙදෙසේ නිවසක සිටින අතරම ඉතා හොද රස්සාවක් කරනා බව ආදී වසයෙන් පතරංග හෑල්ලක් මා ඉදිරියේ ඇද බෑ මහත්මයා මට කින්ඩි , පිලිකුල් සහගත් බැල්මක් සිනාවක් දමා පිටත් ව ගියේ රස්සාවක් හෝ වෙනයම් උදව්වක් අවශය නම් තාමාට කෝල් එකක් දෙන ලෙස පවසමිනි.නමුත් දුරකථන අංකය දුන්නෙ නැත. ඔහු බලාපොරොත්තු වූයේ මා අංකය ඉල්ලනු ඇතැයි යන්න මට පසක් වූයේ මා ආපසු හැරෙද්දි ඔහුගේ මුහුන ඇඹරී ගිය අයුරෙනි.

දින කිහිපයක් ගත වූ අතර මහත්තයා පිලිබද ඉන් පසු මා හට හාංකවිසියක් මතක් නොවූ නමුත් උගත් බුද්ධිමත් කම සමග බොහෝ විට නිහතමානී කම මිනිසුන්ගෙන් ගිලිහෙන බව නම් නැවතත් පසක් වුණි.

සෑම සිකුරාදා දිනයකම රාත්‍රි සේවා මුරයට තාවකාලික පිරිසිදු කරන්නනන් ලෙස ඉන්දියානුවන්... පෝලන්ත ජාතිකයන් සහ විදෙස් රටවලින් පැමිනි සිසුන් විස්සක් තිහක් කැදවීම අනිවාර්යයෙන් සිදුවන්නකි. හදුනා ගැනීමේ පහසුව සදහා එක් වරක් පමණක් භාවිතා කර ඉවත දමන සුදු පැහැ ඕව(ර්)ඕල් ඇදුමත්, යකඩ හිස් වැස්ම මුඛ වාඩමත් , ලුමිනස් පැහැ ආරක්ශිත ජැකට්ටුව අන්දවා ඔවුන් රැගෙන එන්නෙ ගේට්ටුවේ සිටමය.

එදින පැමිණි අයගෙන මා සිටි ස්තානයේ වැඩ කිරීමට පස්දෙනෙකු එවූ ෆෝමන් වරයා ඔවුන්ගේ වැඩ ගැන විමසිල්ලෙන් සිටින ලෙසත්... අහු මුලු වල රිංගා නිදා ගන්නෙ නම් වහා දැනුම් දෙන ලෙසත් පවසා නික්ම ගිය අතර. ඔවුන් හට කල යුතු දෑ පැවසූ මා හට එකතරා පුද්ගලයකු උවමනාවෙන්ම මා හට නොපෙනී සිටීමට උත්සාහ දරන බව පෙනුන මුත් අවදානයක් යොමු නොකල මා ආපසු පැමින මේසය මත තිබූ නම් ලැයිස්තුවට අවධානය යොමු කලෙමි.

සමරසේකර මුදියන්සේසේලාගේ ..... යනුවෙන් තුවෙනියට තිබූ නම දුටු මා කැබිනයෙන් එලියට පැමින එම නම හඩනගා කියමින් ඔහු මා දෙසට කැදෙව්වෙමි..

විශාල කොස්සක් අතින් ගත් ලේකම් මහත්මයා මා ඉදිරිපිට අසරණ ලීලාවෙන් බලා සිටියේය.

"කාටවත් කියන්න එපා මල්ලි තත්ත්වය ට හොද නෑ නේ"

අදටත් මහත්තය ගැන ඒ පලාතේ හිටිය උදවිය... ඉන්න උදවිය දන්නේ... " ලී කුඩු ලේක්ම් " කිව්වම.

මන් කාටවත් කිවේ නෑ .නොකියාම ඉන්න බැරි තැන ගහකට කිව්වා විතරයි.


1 comment: