Tuesday, October 30, 2018

ඔයා ලංකාවේ නේද?

" හරි අම්මේ .... අම්මා හවසට ස්කයිප් ගන්න... ඔව් පුංචිලෑ මල්ලිට කියලා රීලෝඩ් එකක් දාගෙන ඉන්ටර්නෙට් එන්න....

ඔව්,ඔව් එහෙම තමයි.... එදා ආවේ ඒ වගේ...

ඔව් අම්මේ හිම ගොඩක් වැටුනා... යාලුවො හොදින් ...අපි ඊයේ රෑ හිමේ ඉදන් ෆොටෝ ගැහුවා මන් එවන්නම් අම්මලා කතා කරන වෙලාවට....

තාත්තාට කියන්න මහ හයියෙන් කතා කරන්න ඕන නෑ කියලා මෙහෙ ඉන්ටර්නෙට් හොද ස්පීඩ් .....

අම්මා මතක ඇතුව ඩේටා කාඩ් එකට සල්ලි දෙන්න නැත්නම් පුංචි ගම ගිනි තියයි.... ඔව් ඔව් ඉරිසියාවේ පැලෙනවා....

හරි අම්මා ම්ං තියනවා බුදු සරණයි ...බිල යනවා... "

ඉහත දෙබස් මටත් මගේ ගජයා වු සුපුනාටත් කණේ මී පැණි වත්කලා මෙන් විය. නාදුනන යුරෝපයේ දෙවන දිනය වූ එදා අප නගරයෙහි ඇවිදිමින් වටපිට නරඹමින් මං සලකුණු මතක තබා ගනිමින් ගත කල දිනයක් විය. අපට ඉදිරි පසින් පදික මාරුවෙහි කොල එලිය දැල්වෙන තෙක් සිටියදී ඉහත කී සංවාදයෙහි නිරත වු තරුණිය සමග දොඩමලු වීමට අප හට අවශ්‍ය වූ නමුත් ඇය සමග පාර මාරු වු අපදෙදෙන මොහොතකට පසු


" මේ...එස්ක්‍යුස් මී ..... ඔයා ලංකාවේ නේද?


" pardon me i dont speak your language mate" ( සගයා...මට සමාවෙන්න මම ඔබලාගේ බස කතා කරන්නෙ නෑ )

ඇයි දැන් ඔයා අගේට සිංහලෙන් කතා කලේ ... අපි මෙහෙට අලුතෙන් ආවේ.... බය වෙන්න එපා... ස්නෝඩොන් හෝල් එකේ ඉන්නෙ අපි දෙන්නා"

"සීරියස්ලි මෑන්.... අයි ඇම් නොට් ශුවර් වට් යූ ගායිස් ටෝකින් එබවුට්......ට්‍රයි සම්වෙයා එල්ස් "

අප දෙදෙනාටම මහත් කෝපයක් මෙන්ම ලැජ්ජාවක් ඇති විය. ඇය ශ්‍රී ලාංකික බවට කිසිම විවාදයක් නැත.... වෙන්න සුද්දා වීමට දගලන අයට දීමට අප විසින් ලංකාවේ සිට රැගෙන ගිය කසාය බිංදුවක් ඇයටත් දීමට සිතුවෙමි.

" එක්ස්ට්‍රීම්ලි සොරි මැඩම්... වී තෝට් යූ ආර් එ ෆෙලෝ ශ්‍රී ලංකන්.. බයි ද වේ....උඹගේ අම්-- සුද්දෙක් $*$**$$%*@**@--@@ පට්ට $*$*$**#-@-#-#-#- තෝ #**$*$----@-==*%*#-@=@=@=@(%=%=%= ලංකාවේ %*$--&=&-#*#*#*#*#*#*$*$*#*

තරුණිය විදුලි වේගයෙ අතුරුදහන් වූ අතර..පසුදා අප සොයා පැමිනි ඇගේ ප්‍රේමවන්තයා අපගෙන් කරුණු විමසීය...

ලංකාවේ කෙල්ලෙක්ට ? කුනුහරුප කීවා අපි? අපි බැන්නේ සුද්දියෙක්ට... ඒකි සිංහල අහලා වත් නෑ කිව්වනේ....ඒකට අපි මක් කරන්නද..

එදා සිට අද දක්වා කලු සුද්දන් සුද්දිය හය හත් දෙනෙකුටම මෙම බෙහෙත ලබා දුන් අතර ..ඔවුන් නිට්ටාවටම සුවය ලද බව ඉතාමත් සතුටින් දන්වා සිටිමි.

No comments:

Post a Comment