Tuesday, October 30, 2018

මට බෑ ඔව්වා



උසස් පෙල ලියලා ප්‍රතිඵල එනකන් ගෙදරට වෙලා ඉන්න කාලේ තියනවා නේද ? ආන්න ඒ කාලේට බස් එකෙදි හම්බුනත් , පාරෙදි හම්බවුනත් , ලොතරැයි කූඩුවෙදි, කඩ පිලේදි, කක්කුස්සියෙදි කොටින්ම ගෙදරට කෝල් කරන උන් අහන්නෙත්

"පුතා මොකුත් කෝස් එකක් කරන්නෙ නැද්ද? "

"නරකද ඉංග්‍රීසි පන්තියකටවත් ගියොත්"

කොටින්ම පාරේ ඉන්න හරක් බල්ලො විතරක් නෙමෙයිි මරණ දැන්වීම් වල ඉන්න මිනිසුන්ට තිබුනෙම අපිට ඉංග්‍රීසි උගන්නන ඒකායන පරමාර්ථය. අපි කොහොමත් ඒ වෙද්දි "ස්ටෑන් කෝස්" එකයි "ටවුන් ආරච්චි " රාජකාරියයි බාරගෙන තිබුනේ. ඔය අතරේ කොලඹ ඉදන් එන ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරයෙක් ගේ පංතියක් ලබන සුමානේ පටන්ගන්න බවට ආරංචියත් වාත වේගයෙන් පැතිරිලා ගියා.

කොලඹ ඉදන් එනවානම් ඉංග්‍රිරිස් උගන්නන අරාබි කාරයෙක් උනත් කමක් නෑ අපි එක පයින් එතන.

සුසිල් නානයක්කාර තමයි ගුරුතුමා.

ආරම්භක දවසේ උදෙන්ම ගිහින් අන්තිම පේලිය අල්ලලා වාඩි වෙලා හිටියා. උදේ අට හමාර වෙනකොට ලමයි තුන් හාර සීයක්වගේ සාලාව ඇතුලේ... සර් ආපු ගමන් අන්තිම පේලි පහේ උන් නැගිට්ටවලා මැද තිබුන හිස් පේලි ටිකකින් වාඩි කෙරෙව්වා. ඔහොම පංතිය කරගෙන යද්දි පැයකට එක හමාරකට පස්සේ අපිට ඉස්සරහා පේලියේ එකෙක් එහෙට මෙහෙට ඇබරෙනවා, දගලනවා, ඩෙස් එකේ ඔලුව තියන් ඉන්නවා... බලපුවාම මිනිහාට සිංදුවක් කියන්න හොදටම උවමනාව. ලමයි ගොඩක් මැද්දේ නැගිටලා යන්න තියන ලැජ්ජාවට පුරුස දහිරිය හිතට අරන් ඉන්නවා. ඒත් එක පාරටම ඉවසීමේ සියලු සීමා මායිම් සුනු විසුනු වෙලා ගිහින් මිනිහා නැගිටලා පේලියෙන් එලියට අඩියක් තිබ්බා විතරයි මට එහා පැත්තේ හිටපු එකා කාටත් නොපෙනෙන්න මහ හයියෙන්

" මේවා ඉංග්‍රීසිද ? මට බෑ මේවා අහන් ඉන්න , මන් යනවා යන්න " කියලා කියපි.

බෝඩ් එකෙ වාක්‍ය ලියමින් හිටි සර් යකා වගේ හැරිලා බලද්දි අරූ හිටගෙන. සර් කියපි

" අහන් ඉන්න බෑ? කන පලාගන්නෙ නැතුව ඉදගනින් ගිහිං "

පැයක් විතර යනකන් ලමයින්ගේ හිනාව නවත්තගන්න සෑහෙන්න මහන්සි වෙන්න උනා සර් ට.

1 comment:

  1. Slotty Casino, Biloxi, MS - Mapyro
    Slotty 김천 출장마사지 Casino, Biloxi. Mapyro. Find your way around the Casino, complete with 광양 출장마사지 slot machines, 인천광역 출장마사지 video 구리 출장마사지 poker machines, bingo 안산 출장마사지 tables, and more!

    ReplyDelete