Tuesday, October 30, 2018

ඩේවිඩ්


 ඩේවිඩ්  පහුගිය තුන් මාසේ තිස්සෙම සෑහෙන ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා... රස්සාව නැති වෙලා, ණය වාරික, ලීසිං, ගෙවල් කුලී,ළමයි දෙන්නගෙ වියදම්, බිරින්දා ගේ නඩත්තුව එකි මෙකී නොකී සේරමත් එක්ක අතට සතපහක ආදායමක් නැතුව සෑහෙන්ට මානසික පීඩනයකින් හිටි ඩේවිඩ් අන්තිමේ තීරණය කලා සියදිවි නසා ගන්න. නගරේ තිබ්බ උසම බිල්ඩිමේ උඩම තට්ටුවට නැගලා ලියුමකුත් ලියලා පනින්න පහලට එබෙනකොටම මෙන්න යකෝ අත පය හතරම නැති ආබාධිත මනුස්සයෙක් බිල්ඩ්ම පහල මිදුලේ එකසිය ගානට නටනවා... මිනිස්සු වටවෙලා සල්ලි විසි කරනවා... අත්පොඩි ගහනවා...

"යකෝ අත පය සේරම නැති එකා එච්චර ආතල් එකේ ඉද්දි මන් අහවල් කෙලියටද මැරෙන්නෙ"

දඩි බිඩි ගාලා පහලට බැහැලා නටන කොරා ලගට ගිය ඩේවිඩ් මෙහෙම ඇහුවා

" අත පය සේරම තිබිලත් මට ජීවිතේ එපා වෙලා මැරෙන්න ගියා..... සේරම නැතුව ඔබතුමා කොහොමද මෙහෙම සන්තෝසෙන් ජීවත් වෙන්නෙ?"

" කුනුහරුප කතා කරන්න එපා මහත්තය .... මම මේ පුක කහගන්න විදියක් නැතුව දගලනවා... තමුසේ එනවා $*@* ,කතා කරන්න"

එකිනෙකාගේ ප්‍රශ්න එකිනෙකට වෙනස් ය. මතුපිටින් බලා නිගමනය නොකරන්න.

පරණ කතාවක් මගේ ඉස්ටයිල් එකෙනි.

No comments:

Post a Comment