tag:blogger.com,1999:blog-623243211315894702024-03-21T00:12:21.493-07:00Gonbaduwatta , ගොංබදුවත්තkukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-62324321131589470.post-44894483439264257742020-05-29T08:15:00.000-07:002020-05-29T08:15:48.154-07:00මනුස්සකම
ඇඳිරි නීතිය ඉවර වෙන්න පැයක් එක හමාරක් තියලා ආපු පොඩි ඩිමෝ බට්ටා ලොරියක් කඩවත පැත්තට මූණ දාලා හරවලා නතර කලා. ලොරියේ තිබුණෙ අල,ළූණු, හාල් මැස්සන් සහ පොල්. ලොරිය පදවගෙන ආපු රියදුරු මහත්තයා තරුණයි, ඔහුගේ බිරිඳත් සහයට ඇවිල්ලා... ඉස්සරහා සීට් එකේ පරිස්සමට නිල් පාට මල්පීස් රෙදි කෑල්ලකින් උණුහුමට ඒ දෙන්නගේ පුංචි පුතා තද නින්දක. ටක් ගාලා ඒ තරුණයා අල සහ ළූනු කියලා ලොකු අකුරෙන් ලියපු බෝඩ් කෑල්ලකුත් පාර අයිනෙන් හිටෙව්වා... විනාඩි පහක් යන්න උනේ නෑ පාරේක් ගියපු කාර්, වෑන්, ලොරි වගේම ත්‍රීවීල්, මෝටර්බයිසිකල් සේරම වාහන ජාති විසි පහකට වැඩිය වෙනදා වගේ නැතුව හරි පිලිවෙලට නතර වෙලා. සේරම මුහුණු ආවරන බැඳගෙන. සමහරු ලේන්සු වලින් මූණ බැඳගෙන.... හදිස්සියටද කොහෙද කොල්ලො දෙන්නෙක් ටීසර්ට් වලිනුත් මූණ කට වැහෙන්න වහගෙන. සේරම එකිනෙකාට ඈතින් ඒක හරි අපූරුයි.... පෝලිම ඉස්සරහට යනවා
ලොරියේ ආපු යුවලගෙන් ස්වාමියා බඩු කිරලා මලු වලට දාලා දෙනවා... බිරිඳ ගණන් හදලා සල්ලි අරගන්නවා ඉතුරු දෙනවා... ඒ ගෑණු ළමයගේ ඇස්වල වසංගත රෝග බියක් අස්සේ උනත් මම දැක්කේ පුදුමාකාර සතුටක්... තමන්ගේ ස්වාමියගේ උත්සහය ධෛර්යය එක්ක වෙනදාට වඩා මිනිස්සු පෝලිමේ බඩු ගන්නකොට.... නුහුරු විදියට කැල්කියුලේටරය ඔබන ගමන් පොඩි එකසයිස් පොතක පොඩි උන්ගේ තාලෙට ගණන් ටික ලියලා යටින් ඉරකුත් ඇඳලා එක්කාසු කරද්දි මට හිතුනා උන් දෙන්නම තාම වෙලඳාම අස්සේ කාබසිනියා නොවිච්ච උන් වග....
පෝලිම පිලිවෙලට ඉස්සරහට යද්දි කෙනා දෙන්න බඩු අරන් යද්දි , පරණ අත්දිග කමිසයක් එක්ක අවපැහැ සරමක් ඇඳලා රුපියල් විස්සෙ කලු කවරයක් එල්ල ගෙන උන්නු මනුස්සයා.. මං එයාව දන්නවා.. නම ජයසේන. මේ පැත්තේ වතු සුද්ද කරන එක වගේ සේරම කුලී වැඩ කරන්නේ එයා. ජයසේනගේ වාරේ...
"අල පන්සීයයි...හාල් මැස්සො දෙසීය පණහයි"
බඩු ටික කිරලා කවරෙට දා ගෙන සල්ලි දෙද්දි... පිටි පස්සෙන් පෝලිමෙ උන්න කොල්ලෙක් අහනවා....
"අංකල් ඔය ගත්තා මදි නේද ?"
"නෑ මහත්තයෝ.... ඇති....ඇදිරිනීතිය හින්දා දවස් හයකින් කිසිම සල්ලියක් නෑ "
තත්පර පහක් යන්න ඇති....
"මල්ලි මේ මාමට අල කිලෝ එකක් වෙන්නයි, ළූණු කිලෝ එකක් වෙන්නයි දෙන්න... "
බඩු ගත්තා මදි නේද කියලා අහපු කොල්ලා කිව්ව... ඒ එක්කම පෝලිමේ පොඩ්ඩක් පිටි පස්සෙන්...
"තව පොල් ගෙඩි පහක් දෙන්න... මං ඒකට සල්ලි දෙන්නම්... " එහෙම කිව්වේ පෙනුමෙන් ඩියුටි ඉවර වෙලා ගෙදර යන පොලිසියේ රාලහාමි කෙනෙක් වගේ...
"හාල් මැස්සො තව පන්සීයක් දෙන්න..." ඒ තව නෝනා කෙනෙක්....
බඩු විකුණපු ජෝඩුවගේ ගානේ එයාලා කන්න අරන් තිබුණ සැමන් ටින් එහෙකුත් ඒ මාමගේ කවරෙට වැටෙනවා.
ඒ විතරක් නෙමෙයි.... හැමෝම ඒ පෝලිමේ උන්න හැමෝම තමන්ගේ සාක්කුවෙන් පර්ස් එකෙන් ගත්ත රුපියල් පණහා සීය පන්සීය එක්ක එකතු කරපු මුදලක් ජයසේන මාමගේ අතමිට මොලවනවා...
තවත් ටික වෙලාවකින් මහ පාරෙන් අතුරු පාරට හැරිලා එක උරේක කිලෝ දහයේ හාල් මිටියකුත් අනික් අතින් සෝයාමීට් පරිප්පු අල,ළූණු පුරෝපු සිලි සිලි මල්ලකුත් එල්ලගෙන... ජයසේන මාමා සෑහෙන සංතෝසෙන් ගෙදර යනවා.
කොරෝනා නෙමෙයි තවත් වසංගත සීයක් ආවත් මේ සුන්දර මිනිස්සු ටික මතු කරගත්ත ආදරණීය මනුස්සකම් ටික ඉතුරුවෙලා තියන තාක්කල් තවත් එක අහිංසකයෙක් හරි බඩගින්නේ ඉන්නේ නෑ කියන එක ඉරහඳ වගේ විශ්වාසයි.
කවදා හරි දවසක අර ලොරියේ ඉස්සරහා ගුලි වෙලා නිදන් උන්න පුංචි පුතා ලොකු මහත්තයෙක් වෙච්චි දවසට ඒ අම්මයි තාත්තයි ...කොරෝනා කියලා වසංගත රෝගයක් කාලේ ලංකාවේ මිනිසුන්ගේ මනුස්සකම ගැන ලස්සන කතාවක් කියයි නේද කියලා මට හිතුණා.
මේ පුංචි දුප්පත් රටේ කොයි තරම් පොහොසත් හදවත් තියනවාද... අපි මොනතරම් වාසනාවන්ත මිනිස්සු ද , අපි විසින්ම අපිට අපි නැති කරගෙන තියනවාද කියන ප්‍රශ්නෙත් ඒ එක්ක්ම මට දැනුනා
කුෂාන් ප්‍රේමසිරි
26/03/2020
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com1tag:blogger.com,1999:blog-62324321131589470.post-86721902827371611742020-05-29T08:12:00.000-07:002020-05-29T08:12:38.658-07:00පැණි කොමඩු
වෙනදට එලෝලු එලෝලු කියලා කෑගහගෙන යන එලවලු ලොරිය අද නවත්තන්නෙම නැතුව යනවා. කෑගහන්නෙත් නෑ. මං අත්පොඩියක් ගහලා කෑගැහුවා. ටක් ගාලා වාහනේ වේගය අඩු කරලා නහය කට වැහෙන්න බැඳන් උන්න ලේන්සුව පහත් කරලා රියදුරු මහත්තයා කතා කලා.
"තරාදිය ගෙදර දාලා ඇවිල්ලා මහත්තයා. අරං එන්න යනගමන්. මං එද්දි නවත්තලා කතා කරන්නම්"
මං හා කියලා ඔලුව වනලා වෙන වැඩක් කරන්න ගත්තා පැය බාගෙකින් වගේ හෝන් ගහන සද්දයක් ඇහිලා බලද්දි එලෝලු ලොරිය ආපහු ඇවිල්ල. ගේන එලවලු පවා හෝදලා ගෙට ගන්න නිසා මං එලෝලු දාන ප්ලාස්ටික් බේසමත් අරන් එතනට ගියා.
"කෝ මහත්තයෝ මාස්සෙක?"
එතකොට මතක් උනේ මාස්ක් එකක් අනිවාර්යයෙන් දාන්න කිව්වා නේද කියලා. බැලින්නම් ඒක සාක්කුවෙ. ඒකත් දාගෙන මං එලෝලු ලූණු සුඳු ලූණු ගන්නවා. අහලපහල දෙතුන් දෙනා එනවා පරතරය මීටරේ උනාට ලොරිය වටේට. ඒ අස්සෙන් KDH වෑන් එකක් ආවා යන්න ගිය ගමන එක පාරටම නතර කරලා, බොහොම වැදගත් පෙනුමැති මහත්මයෙක් බැහැලා ආවා. මාස්ක් දාලා අවුකණ්ණාඩි දාලා...
"මේ කොමඩු කීයද?"
"කිලෝ එක හැටයි මහත්තයා"
"හැටයි? අයිසේ කොමඩු කිලෝ එක රුපියල් තිහයි ...පණහා ගානේ දෙන්න ටිකක් ගන්න වැඩිපුර"
එහෙම කියලා මහත්තයා කොමඩු ගෙඩි අරගෙන ටොක් ටොක් ගාලා ඇනලා තෝරන්න ගත්තා. කොමඩු ගෙඩිය තට්ටු කරලා තෝරන හැටියෙන්ම මට හිතුණා නොම්බර එකේ ගොවි මහත්තයෙක් ගේ පුතෙක් බව. ගෙඩි ව්සිපහක් ව්තර තිබුණ කොමඩු ගොඩෙන් ගෙඩි දහයක් දොලහක් තෝරලා ලොරි තට්ටුවෙම පැත්තකට කරපු මහත්තයා මුදලාලිට කතා කලා.
"ආ මේ ටික බලන්න ...තරාදිය ශුවර් නේහ්... කිලෝ එකට හත්සීය පණහා නෙමෙයිනේ වැටෙන්නෙ?"
මොකුත් නොකියා හිනාවෙච්ච මුදලාලි ප්‍රශ්නයක් ඇහුවා
"මෙච්චර ගොඩක් මොකටද සර්? "
"රස්නෙ නෙ අයිසේ.....බබාලට ජූස් හදලා හරි බොන්න පුලුවන් නේ...නරක් වෙනව කියලද"
මුදලාලිට තියෙන්නෙ ගෙඩි ටික කිරලා ගාණ හදලා සල්ලි ගන්න.
ඒ උනාට උනේ වෙනස් දෙයක්.
"සර් මෙච්චර ගොඩක් සර්ට දෙන්න විදියක් නෑ "
" තමුසේ මාර බයිලයක් නෙ දැන් කියන්නෙ...එහෙම දෙන්න බෑ කියන්නෙ කොහොමද?"
"සර් ඔහොමම යන ගමන් රාජසිංහ මාවතේ ගල් වැඩපොල ඉස්සරහා ගෙදරට යන්න එතන සර්ට ඕන තරම් අන්නාසි කොමඩු පොල් ගන්න පුලුවන් මම ගන්නෙත් එතනින්"
තවත් මොනවදෝ කියවෙද්දිම එලෝලු මුදලාලි
"මහත්තයා මාව දන්නවනේ? යන,ගමන් එතනින් ගන්න අනවශ්‍ය කතන්දර වැඩක් නෑ"
" හරි තමුසෙලා අපි දෙගොල්ලොම පාරෙ යන මිනිස්සුනේ ...ආයේ හම්බවෙයිනෙ "
කියාගෙන ඒ මහත්තයා වෑන් එකට ගොඩවෙලා දුම දාන් ගියා. පාඩුවෙ එලවලු ටිකත් අරන් මං හෙමීට ඇහුවා ඇයි අර මනුස්සයට ඒ ටික නොදුන්නේ කියලා.
මේ මට හම්බවෙන උත්තරේ. ( ඒ මනුස්සයා ගේ වචන වලින්ම)
අතේ සතේ නැතුව , පොඩි උන්ට ටොපියක් පලතුරු ගෙඩියක් ගන්න විදියක් නැතුව යන්තං ලෙවකාලා වේල ගැටගහන උන් අනන්තයි. .... මං දවසට ගෙවල් දෙසීයකට වඩා යනවා... මල්ලි බලන්න ඉස්සරහා සීට් එක ලඟ ප්ලාස්ටික් බාල්දියේ තියන පොඩි සල්ලි ගොඩ.... ඔය මිනිස්සු කැට කඩලා, එක්කසු කරලා එලෝලු ගනිද්දි දීපු සල්ලි.... "
මං ඇත්තටම එබිලා බැලුවා පොඩි ප්ලාස්ටික් බකට් එහෙක පහේ දහයේ රුපියලේ දෙකේ කාසි පිරෙන්නම තිබුණා.
මුදලාලි මං දිහා බලලා කිසිම හැඟීමක් නැති මූණකින් මට අයෙමත් මෙහෙම කිව්වා.
"එහෙම මිනිසුන්ට පොඩි උන් එක්ක කන්න කියලා පැණිකොමඩු ගෙඩියක් නිකං දෙන්න බැරිනම් අපි මොක්කුද මල්ලි.... "
මට සීයට දාහක් විස්වාසයි ඒ පැණිකොමඩු හුඟක් රස ඇති.
කුෂාන් ප්‍රේමසිරි
23/04/2020
පස්සෙ ආරංචියේ හැටියට ඔහුගෙන් එලවලු ගන්න සෞඛ්‍ය අංශයේ ආරක්ෂක අංශයේ අයට හැම "මං ගාණේ මේකත් " කියලා මොනවා හරි මල්ලෙ ඔබනවලු.
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com0tag:blogger.com,1999:blog-62324321131589470.post-80833086010322052572020-05-29T08:11:00.000-07:002020-05-29T08:11:26.397-07:00නිවුස්
නිවුස්
වත්තල පැත්තෙ ගෙදරකට පැන්න තුවක්කු අරගත්ත හොරු රංචුවක් , ගෙදර මිනිසුන්ගේ වටිනා බඩු මුට්ටු සේරම මංකොල්ල කාලා , ගෙදර හිටිය තරුණ ගැහැණු ළමයෙක්ටත් අතවර කරන්න උත්සහා කරලා ...ඒත් එහෙම නොකර පැනලා ගිහිල්ලා.
ඕක වැදගත් හැදියාවක් සහිත සැබෑ මාධ්‍යවේදීන් වාර්තා කරන්නෙ මෙහෙම.
"ඊයේ අළුයම වත්තල හේකිත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ ආයුධ සන්නද්ධ සංවිධානාත්මක අපරාධකරුවන් කණ්ඩායමක් නිවැසියන් තර්ජනය කර බියගන්වා රුපියල් ලක්ශ හතලිහකට ආසන්න වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ සහ මුදල් ඇතුළු භාණ්ඩ තොගයක් රැගෙන පලාගොස් ඇත. එ අතරම නිවසේ ව්සූ විසි දෙහැවිරිදි තරුණියකට අතවර කිරීමට උත්සහා දරා ඇති අතර , කම්පනයට පත් තරුණිය වත්තල රජයේ රෝහලට ඇතුලත් කර ඇත. පලගිය අපරාධකරුවන් සොයා වත්තල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි...."
නූලක් දාපු අයිඩෙන්ටියකුයි, ඩිජිටල් කැමරාවක් එක්ක මයික් එකක් දෙපරන්දේ ගහං ඉන්න බෝතල් පත්තරකාරයෝ සිද්දිය වාර්තා කරන්නේ මෙහෙම
"ඔව් අප මේ මොහොතේ සිටින්නේ එම අතවරය සිදුවූ නිවස අසල අප මේ මොහොතේ ඩ්‍රෝන තාක්ෂණය යොදා නිවසේ පිහිටීම ඔබට දැකගන්නට සලස්වනවා ( ඩ්‍රෝනයක් මගින් නිවස පෙන්වයි) ඔව් ඔබට දැකගන්නට පුලුවන් වහලයට උලු හෙවිල්ලා ඇති නිවසේ වම්පසින් ලැට් එක පිහිටා ඇති ආකාරය. පිටුපසට වන්නට පොල්ගහේ බැඳ ඇති රෙදිවැලේ... කාන්තා යට ඇඳුම් සහ තුවායක් ඇතිබව පෙනීයනවා...මා සිතන්නේ එම පෑන්ටීස් අතවරයට ලක්වූ සුරූපී තරුණිය පෙරදින ෆාමසියට යාමේදී හැඳගෙන සිටි ඒවා බව. ඒ ගැන විසේස,විමර්ශනයක් සිදු කෙරෙනවා...."
( මයික් එකත් මාධ්‍ය ආයතනයේ නම ගැසූ ටීසර්ටයත් හැඳි නිවේදක තුමා පෙන්වයි. නැවතත් නිවසේ ඉදිරිපස දෙසට කැමරාව යොමුකරයි)
(ඉන්පසුව පෙන්වන්නේ නිවැසියන් පුටුවල හිඳ වැලපෙන ආකාරය වන අතර, විලාප නඟමින් හඬනා කාන්තාව දෙස වැඩිවෙලාවක් කැමරාව අටවාගෙන සිට ,නැවතත්
දර්ශනය වෙනස් කරයි )
"ඒ වගේම මා සමඟ මේ මොහොතේ මෙතැන සිටිනව මෙම නිවැසියන්ගේ ලඟම ඥාතියකු.... අපි ඔහුව සම්බන්ධ කරගන්නවා වැඩිදුර විස්තර සඳහා..."
( උදේට මූණවත් හේදුවේ නැති මිනිසකු පෙන්වයි)
"කොහොමද මේ සිද්දිය වෙලා තියෙන්නෙ?"
" ඊයේ පාන්දර දෙකට විතර වහෙන් බැහැලා තමයි ගෙට ඇතුලු වෙලා තියෙන්නෙ..
ඊට පස්සෙ ගෙදර අයගේ අතපය බැඳලා කටට පාංකඩ ඔබලා අල්මාරිය....කඩලා ත"
(නිවේදක සුරුස් ගා මැදින් පනියි)
"ඔව් ඔබ ඒ කියන්නෙ අල්මාරිය ට හේත්තු කරලා තමයි මේ තරුණිය අපචාරයට ලක් කලේ?"
"නෑ නෑ අල්මාරිය කඩලා ලාච්චුවේ සල්ලි රත්තරං බ...."
" අහා...ඒ කියන්නෙ එක්කෙනෙ ලාච්චුව කඩලා සල්ලි ගනිද්දි අනික් අය තරුණියව අපචාරයට ලක් කරලා... මේ මොහොතේ ඔබට පෙනෙනවා ඇති පොලිස් නිල සුනඛයන් ගෙන්වා අපරාධකරුවන් පිලිබඳ හෝඩුවාවන් පරික්ෂා කරන ආකාරය... එසේම අප තවදුරටත් මෙම ස්ථානයේ රැඳී සිටිමින්
වැඩිදුර විස්තර වාර්තා කිරීමට බලාපොරොත්තු වෙමින් ප්‍රධාන පාලක මැඳිරියට යොමුවනවා.. මම සඳලාල් වැන්ඩවර්ත් "
(ප්‍රධාන පාලක මැඳිරියේ පුවත් කියවන ජෝඩුව පෙන්වයි)
"බොහොම ස්තූතියි සඳලාල් අප ඒ වගේම මේ මොහොතේ සම්බන්ද කරගන්නවා වත්තල රෝහල් පරිශ්‍රයේ රැඳීසිටින අප මණ්ඩලික වාර්තාකරු කුයියතොන්ත...ආයුබෝවම් කුයියතොන්ත "
"ආයූබෝවං බහුරංග මා මේ මොහොතේ රඳී සිටින්නේ වත්තල රෝහලේ කාන්තා වාට්ටුව අසල එම අතවරයට මුහුණ දුන් තරුණිය හා සම්බන්ද වන්න්නට...."
(රෝහල් ඇඳක නිදාසිටිනා තරුණියකගේ මුහුණ පෙන්වයි)
"ඔබ කොහොමද ඒ සිදුවීමට මුහුණ දුන්නෙ?"
(තරුණිය හඬමින් අසීරුවෙන් කතා කරයි)
"මට මොකුත් මතක නෑ එකවරම ඇඟට පැන්න මතකයි ඊට පස..."
(නිවේදක මැඳින් පනී)
" ඒ කියන්නෙ ඔවුන් ඇඟට පැන්න...ඉදිරිපසින්ද...ඔබගේ පිටුපසින්ද...ඔබ ලේසියෙන් ගලවන්න පුලුවන් ඇඳුමක් ද හැඳ සිටියේ.... ඔවුන් ඒක කලේ කොහොමද ?"
ඕකයි කතාව මිත්‍රවරුනි. මිනිහෙක්ගේ අවම පෞද්ගලිකත්වය උපරිමයෙන් තිබිය යුතු තැනකදි පවා තමන්ගේ කුප්ප කුපාඩි මජර තිරිසන් මාධ්‍ය භාවිතය පෙන්නන බෝතල් පත්තර කාරයෝ.... නුදුරු දිනේක ඔබගේ නිදන කාමරයටම කැමරාමන් කෙනෙක් එක්ක කඩාගෙන පැනලා .... අපට පවසන්න ඔබට හැඟෙන දේකියලා ඇහුවොත් පුදුම වෙන්න එපා ඈ.... මොකද ඕන එකටයි එපා එකටයි උන්ගේ මීඩියා අයිඩින්ටිය උරුක් කලාම උන්ට හොට දාන්න අවසර දුන්නෙත් අපිමයි.
අර නේවි එකේ කොල්ලන්ගේ ගෙවල් පෙන්නලා, උන්ගේ, ඒ පවුල් වල මිනිසුන්ගේ ආත්මගෞරවය බිංදුවට දාපු බෝතල් පත්තරකාර මහත්තුරුන්ට කියන්න තියෙන්නෙ... තමුසෙලා වැල ෆිල්ම් එහෙක ලයිට් අල්ලන්නවත් සුදුසු නෑ.
කුෂාන් ප්‍රේමසිරි
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com0tag:blogger.com,1999:blog-62324321131589470.post-80528485145102209672020-05-29T08:09:00.001-07:002020-05-29T08:10:47.391-07:00අපි මීඩියා
"අපි මීඩියා"
ඊයේ සුරාසැල් නොහොත් බාර් නොහොත් ලිකර් ඇරලාය. කොලඹ සහ ගම්පහ බලපත්‍ර සහිත සුපිරි වෙළඳසැල් වලට මත්පැන් විකුණන්නට අවසර දීලාය. ඊයේ නැවත විවුර්ත කලේ සුරාබදු දෙපාර්තමේන්තුවේ බලපත්‍ර ලැබූ නීත්‍යානුකූල මත්පැන් අලවිසැල් ය. ඒවායේ විකුණන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ මත්පැන් පෙරීමට ඇසිරීමට බෙදාහැරීමට නීත්‍යානුකූල අවසර ලැබූ කොම්පැණිවල අරක්කු හෝ බියර්ය.
රාත්‍රී ප්රවෘත්ති වල හෙඩ්ලයින් එක වූයේ බාර් පෝලිම් ය. ලංකාවේ මිනිසුන්ගේ මත්පැන් පරිබෝජනය පිලිබඳව මාගේ පැහැදීමක් ද නැත. විෂේශයෙන් මාස දෙකක් පුරා ලොක්ඩවුන් වී හන්ටර් වී සිටි බොහෝ දෙනා අතේ තිබූ තුට්ටු දෙකම ලිකර් එකට පූජා කිරීම ඛේදවාචකයකි.
නමුත් තවෙකෙකුගේ අරක්කු බීම විවේචනය කිරීමට මාහට අයිතියක් නැත. ඒක ඒ මනුස්සයාගේ තීරණයක් ය.ඒ ගැන වෙනමම කතාකල යුතු නමුත් ඊට පෙර කතා කල යුතු දෙයක් ඇත
ඊයේ දිනයේ කැමරාවක් මයික් කටුවක් උරුක් කරමින් බාර් පෝලිම් වල , බාර් එකට ගොස් එමින් සිටි , බීලා වැඩිවුනු , වැඩිවෙලා පාරේ වැටුනා වූ මිනිසුන් පෙන්වමින් ජෝගියක් නැටූ බෝතල් පත්තර කාරයින් පිරිසක්ද වූයේය.
හොඳටම ඩෝප් වූ වයසක මනූස්සයකු පාර අයිනේ වැටි සිටිනු පෙන්වූයෙ කිසිම හිරිකිතයක් නැතුවමය. ඒ මනුස්සයාගේ අඹු දරුවන් හෙට දින සමාජයට මුහුණ දෙන්නේ කෙසේද යන ප්රශ්නය මේ කුණු කපුටන් ගේ සිතට නොනැඟීම පුදුම සහගතය. තවත් එකෙක් බලහත්කාරයෙන් ම කමිසය උස්සා ඉනේ ගසා සිටිනා අරක්කු කාල වීඩියෝ කරන්නට හදනවාය. ඒ මිනිස්සු අහිංසක නිසාම උන් පොරවල් වෙලාය.
මේ ඊනියා මාජ්ජවේදීන් සිතා සිටින්නේ උන්ගේ කැමරාවේ කාචය උන්ගේ හැර අනෙක් ඕනෑම එකෙක්ගේ කක්කුස්සි දක්වා දිගු කිරීමට උන්ට ලයිසන් දීලා ඇති බවය. උන්ගේ වාසනාවකට ලංකාවේ මිනිස්සු මාධ්‍යවේදීන්ට තවමත් ගරු කරන අතර ඒ මේවගේ කපුටන්ට නොව උන්ට කලින් සිටි සැබෑ මාධ්‍යකරුවන් විසින් ඔසවා තැබූ ප්‍රතිරූපය නිසාය.
කැමරාවත් , මාධ්‍ය ලකුණ ගැසූ ටීසර්ටයකින් සහ අයිඩී එකකින් සැරසුණු කුණු අවුස්සන කපුටන් බඳු ඊනීයා මාජ්ජවේදීන්ගෙන් අසන්නට ඇත්තේ එක් දෙයකි.
මහජනතාවගේ මුදලින් පිස්සු කෙලින මැති ඇමති පුතෙක්ට ඔය කැමරාව දික් කරලා ඔය ප්‍රශ්න ටිකම අහන්න බැරි මොකද කියාය. අහන්නට දෙයක් නැත. ගූ බයත්, පිං අඩියත් ෆ්‍රයිඩ් රයිස් එකත් නිසා නකුට දෙපරංදේ අස්සේ ගැස්සිලාය.
ඒක ටිකක් අමාරුයි වගේ නම් හොර කසිප්පු මුදලාලි කෙනෙක්ට ඔය ව්දියටම මීඩියා පාට් දමා "ඇයි කසිප්පු පෙරන්නේ ?" කියා අසන්නට පුලුවන් නම්
අන්න උඹලා නියම මාධ්‍යවේදින් ය.
එහෙම නැත්තං කියන්නට ඇත්තේ බස් වල ගැණුන්ගේ යටසායවල් හොරෙන් වීඩියෝ කරන මානසික අසහනකාරයා උඹලාට වඩා ග්‍රේට් කියාය. ඌ ඒවා වීඩියෝ කරනුයේ තමන්ගෙම ආතල් එකට අසහනය පිටකර ගැනීමටය.
හැබයි උඹලා ඊයේ මිනිසුන්ගේ කමිසය උස්සා අරක්කු කාලේ කුප්පිය පෙන්වූයේත් , වෙරිවී බිම නිදාසිටි මිනිසුන් රටමම පෙන්වූයේ ඉන් හම්බෙන තුටුටු දෙකෙන් ගෙදර මිනිසුන්ට කන්න අදින්න දෙන්නටය.
ඕක ඔහොම කීවට තේරෙන්නෙ නැත. ඔය ඊනියා මාධ්‍යකාරයෙක් ගේ පවුලේ කෙනෙක් ඔය ආකාරයටම උන්ගේම කැමරාවකින් රටටම පෙන්වූ කලෙක , ඔය ටික අගේට තේරුම් යනු ඇත.
ගමේ බාසාවෙන් කියනවා නම් මුන් කරන්නේ ඉට්ටෙන් ගූ කෑමය.
14/05/2020
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com0tag:blogger.com,1999:blog-62324321131589470.post-1631148827204490932020-05-29T08:06:00.001-07:002020-05-29T08:06:38.862-07:00ASP අයිවන් බොතේජු
ASP අයිවන් බොතේජු
මීට වසර තිහකට පෙර එනම් 1990 ජුනි මස 11 වෙනිදාය. උදෑසන හයට පමණ මඩකලපුව පොලිස් ස්ථානයට කඩා වැදුණු එල්ටීටීඊ ත්රස්තවාදීන් පිරිසක් සේවයේ නියුතු පොලිස් නිලධාරීන් තිදෙනෙකු පැහැර ගන්නා ලදී. ඊට පැයකට පසු එනම් උදෑසන හතට නැවත මඩකලපුව පොලිස් ස්ථානය වට කෙරූ ත්රස්තවාදීන් සම්පූර්ණ පොලිස් ස්ථානයම සිය ග්‍රහණයට නතු කර ගත්තේය.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ සාම සාකච්ඡා වැඩපිළිවෙළ නිසා රජයේ හමුදාවෝ සහ කොටි ත්රස්තවාදීන් අතර සටන් විරාමයක් පැවති වකවානුවක මෙසේ මඩකලපුව පොලිස් ස්ථානය අල්ලා ගැනීම විශේෂ කරුණකි.
මඩකලපුව පොලිස් ස්ථානයේ සේවය කල සිංහල නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල පිරිස ගුවන් තොටුපල වෙතටත්, දෙමළ සහ මුස්ලිම් පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල පිරිස් මඩකලපුවේ ශාන්ත මේරි දේවස්ථානය තුලටත් ගෙනයනු ලැබූ අතර, වැඩ බලන් පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් හතර දෙනෙකු එල්ටීටීඊ ත්රස්තවාදීන් විසින් රඳවාගන්නා ලදි.
පොලිස් නිලධාරීන් ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සතුව තිබූ මුදල් , ස්වර්ණාභරණ සහ අනෙකුත් වටිනා භාණ්ඩ සියල්ල ත්රස්තවාදීන් විසින් සිය භාරයට ගත් අතර එහි වටිනාකම රුපියල් මිලියන හතලිස් පහක් හෙවත් ලක්ෂ හාරසිය පණහකි.
ඒ අතරම පොලිස් ස්ථානයේ ආයුධ ගබඩාවේ තිබු
T56 අවි 109
T84 S වර්ගයේ රයිෆල 77
LMG (සැහැල්ලු මැශීන් තුවක්කු ) 28
ස්වයංක්‍රීය රයිෆල 29
SMG (Sub Machine Gun) 65
.303 ප්‍රමාණයේ රයිෆල 78
SAR 80 අවි 78
සහ පතුරම් තොගයක් පැහර ගන්නා ලදී.
ඒ සමගම එදින පස්වරු 2.30 පමණ නියෝගයක් නිකුත් කල එල්ටීටීඊ ත්රස්තවාදීන් නැගෙනහිර පලාතේ සියලුම පොලිස් ස්ථාන වලින් ඉවත්වන ලෙසට හෝ භයානක ප්‍රතිඵල වලට මුහුණ දීමට සූදානම් වන ලෙසට ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් හට දැනුම් දුන්නේය.
එවකට පොලිස්පතිවරයා වූ අර්න්ස්ට් පෙරේරා මහතා විසින් එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සහ එවක විදේශ අමාත්‍ය අබ්දුල් ශාහුල් හමීඩ් මහතා ගේ උපදෙස් අනුව අයුධ බිම තබා යටත් වන ලෙසටත්, ආරක්ෂාව සහිතව නැගෙනහිර පලාතෙන් පිටවීමට කටයුතු සැපයීමට එල්ටීටීඊ සංවිධානය පොරොන්දු වී ඇති බවද නැගෙනහිර පලාතේ සියලුම පොලිස් ස්ථානයන් වෙත දැනුම් දෙන ලදී.
එ සමගම නිරායුද සිංහල පොලිස් නිලධාරීන් යුද හමුදා හෝ ගුවන් හමුදා කදවුරු වෙතටත්, නිරායුද දෙමළ සහ මුස්ලිම් පොලිස් නිලධාරීන් නැගෙනහිර පලාතෙ පාසල් වල නවත්වන ලදී. එසේ නැගෙනහිර පලාතේ පොලිස් නිලධාරීන් සිය ඉහල නියෝගයට අනුගත වද්දි එක්වරම එල්ටීටීඊ ත්රස්තවාදීන් විසින් නිරායුදව සිටි පොලිස් නිලධාරීන් 899 දෙනෙකු පැහැර ගත් අතර, ඉන් 125 දෙනෙකු කෙසේ හෝ බේරී පලායාමට සමත් විය.
පැහැරගත් නිරායුද පොලිස් නිලධාරීන් විනයාගපුරම් සහ ත්‍රීකුණාමලය ආශ්රිත වනාන්තර තුලට රැගෙන ගිය එල්ටීටීඊ ත්රස්තවාදීන් , ඔවුන් සියල්ලෝම පිටිතල හයා බැඳ එක පෙලට සිටුවා පිටුපසින් හිසට වෙඩි තබා ඝාතනය කරන ලදී.
මියගිය පොලිස් නිලධාරීන් ගණන 600 ත් 774 ත් අතර සංඛ්‍යාවක් විය.
කෙසේ නමුත් ත්රස්තවාදීන් ගේ මෙම නියෝගයට අනුගත වීම අනතුරකට අත්වැනීමක් බව පවසා එය ප්‍රතික්ෂේප කල නිලධාරීන් පිරිසක් සිටියේය. ඒ කල්මුණේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ නිලධාරීන් පිරිසය.
"යටත් වුනොත් අනිවාර්යයෙන් එක්කො මරණවා නැත්නම් දස වධ දෙනවා...මේක උඟුලක්"
මෙසේ පැවසූ ඔවුන් විසින් පස්වරු තුනේ සිට හය වනතුරු එල්ටීටීඊ ත්රස්තවාදීන් සමඟ සටන් කරමින් පොලිස් ස්ථානය ත්රස්තවාදීන් අතට අත්පත් නොවීමට වග බලාගෙන සිටිය අතර.
සන්නිවේදන උපකරණ මගින්
"තවඳුරටත් අල්ලගෙන ඉන්න අමාරුයි....අපට වහාම ගුවන් හමුදා සහය සහ රොකට් ප්‍රහාර අවශ්‍යයි....ඕවර්"
යනුවෙන් උදව් ඉල්ලා සිටියේ එම අවස්ථාවේ කල්මුණේ පොලිසියේ ස්ථානාධිපතිවරයා වූ සහකාර පොලිස් අධිකාරි අයිවන් බොතේජු මහතාය.
ඔහුගේ උදව් ඉල්ලා සිදු කල ඉල්ලීම වහාම නිෂ්ප්‍රභ කල අතර. සුලු මොහොතකට පසු පෞද්ගලිකවම අයිවන් බොතේජු ඇමතු පොලිස්පතිවරයා වූ අර්න්ස්ට් පෙරේරා මහතා විසින් ඔහුට ආයුධ බිම තබා යටත් වන ලෙසට දැනුම් දෙනු ලැබීය.
ඒ සමඟම කල්මුණේ පොලිසිය සහ කොලඹ අතර පණිවිඩ හුවමාරුව බිඳවැටුණු අතර. පසුව දැනගන්නට ලැබුණේ අයිවන් බොතේජු මහතා සහ නිලධාරීන් පිරිස තිරුක්කෝවිල් කැලයට ගෙන ගිය ත්රස්තවාදීන් ඔවුන් වෙඩි තබා ඝාතනය කල බවය.
පසුව තිරුක්කෝවිල් වනාන්තරය තුල තිබී සිංහල සහ මුස්ලිම් පොලිස් නිලධාරීන් 324 දෙනෙකු ඝාතනය කල බවට වාර්තා විය.
රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් සහ සාම සාකච්ඡා පැවැති කාලය අතර තුර සිදු වූ මෙම ම්ලේච්ඡ ක්‍රියාදාමය සිදු වෙද්දී එල්ටීටීඊ සංවිධානයේ සන්නිවේදන අංශයේ ජූඩ් නැමැත්තා සහ සන්නද්ධ අංශයේ කාඩරයන් දෙනෙකු සිටියේ කොලඹ හිල්ටන් හෝටලයේය. නැගෙනහිර සිදුවීම කොලඹ ට වාර්තා වු වහාම හිල්ටන් හෝටලයේ සිටි ත්‍රස්තවාදී සාමජිකයන් තිදෙනා විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යටතේ කලුතර කඳවුරට ගෙන ගිය අතර. දින කීපයකට පසුව ගුවන් මගින් ඔවුන්ව එල්ටීටීඊ පාලන ප්‍රදේශයට කිසිදු හානියකින් තොරව ආපසු අරලවන ලදී.
මේජර් ජනරාල් සරත් මුණසිංහ මහතා විසින් රචිත "A Soldiers Version " පොතෙහි මෙසේද සදහන් වෙයි.
එනම් නැගෙනහිර පලාතේ නිරායුද පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස ඝාතනය කරන අවස්ථාවේ කොලඹ හිල්ටන් හෝටලයේ සිටි ජූඩ් නැමැති ත්‍රස්තවාදී සාමාජිකයා හට , එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ගෙන් පණිවුඩයක් ලද බවත් එම පණිවිඩය වූයේ
"මොන දේ සිද්ද උනත්, ලැබුණ සල්ලි ටික ,ආපහු එද්දි අරගෙන එන ලෙසත්ය"
("Whatever happens, ensure that the money offered is brought with you")
ත්රස්තවාදීන් පරාජය කොට දශකයක් ඉක්ම යන මොහොතක අයිවන් බොතේජුලා ගැන කුඩා හෝ සටහනක් කොතැනක හෝ මතු වේනම්,
එය ඔවුනට උපහාරයක් ම වේවා...!!!
කුෂාන් ප්‍රේමසිරි
18/05/2020
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com0tag:blogger.com,1999:blog-62324321131589470.post-16761621669791115252019-08-01T11:01:00.001-07:002019-08-01T11:01:24.272-07:00දත් ගැලවීම
දත් ගැලවීම
අපේ පැත්තේ දන්ත වෛද්‍යවරුන් හරි හිඟයි ඒ කාලේ. ඉන්න සේරමත් ඉන්නෙ සති අන්තේ. ඔහොම කාලෙක එක බුරහස්පතින්දාවක මට දත් කැක්කුමක් හැදුනා.
කරාබු නැටි හැපුවා, කුරුඳු කෑවා, සිද්ධාලේප ගෑවා, අම්මා ඒ අස්සෙ පුලුං කෑල්ලක පොඟවලා ඇක්ස් ඔයිල් ටිකක් දුන්න ඒකත් කට අස්සෙන් තියා ගත්තා.. ම්හූ... ඉවසන්නම බෑ... කුස්සියේ තියන සේරම තුනපහ මාදුරු සූදුරු ජාති කෑවා,ගොරකා විතරයි නොකෑවේ, පරිප්පු පොඩ්ඩකුයි කිරි ටිකකුයි කටට දාගත්ත නං ශෝක් පරිප්පුවක් හදාගන්න ගානට. ඒ මදිවට එක එක එව්වා කටේ ගාලා නිකං මඤ්ඤං වගේ කට අස්ස.
ඔය අස්සෙ තාත්තා ගෙදර ආවා... විස්තරේ අහලා ආපහු හන්දියට ගිහින් පෙත්තක් ගෙනත් දුන්නා.
බෲෆන්... අම්මේ ඒ වෙලාවේ උහුලපු වේදනාවේ හැටියට ඒක දිව්‍ය ඖසදයක් වගේ. ඉතිං පහුවදා මං මුලින්ම ගියේ කහවත්ත ටවුමේ දත් දොස්තර මහත්තයා ලඟට.
පරණ බිල්ඩිමක උඩු මහලේ , ගියාම , ඒක බලන්නම වටින බෙහෙත් සාප්පුවක්. ඒකේ මැසින් තිබ්බේ කකුලෙන් පාඟන එව්වා. පුටුව උස්සන්න බෑ. මගේ හිතේ වස්කෝද ගාමගේ දත් සුද්ද කරපු මැසිම ද කොහෙද ඒක. කොහොම උනත් බස් කොන්දොස්තර කෙනෙක්ට හරි කියලා දත ගලවගන්නවාමයි කියන ඒකායන පරමාර්ථයෙන් උන්න මට ඒක අඳාල උනේ නෑ.
ලෙඩ්ඩු නැති වෙලාවට දොස්තර මහත්තයා මැනික් ගල් කපන මැසිමක් තියන් ගල් කපනවා..ඉතිං දත් ගලවන එක කජ්ජක් ද
ඔන්න මහත්තයා දත් පරීක්ෂා කරලා මෙහෙම කිව්වා.
"පුරවන්නත් පුලුවන් , ගලවන්නත් පුලුවන්."
"කීයක් යනවද සර්?"
"පුරවන්ඩ එක්දාස් පන්සීයක් , ගලවන්න දාහයි"
ඒ කාලේ දතක් වගේ නෙමෙයි පන්සීයක් කියන්නෙ...මං එක හඬින් කිව්වා...අනික එක දතක් අඩු උනාට තව තිස් එකක් ම තියෙනවනේ.
"ගලවන්න ගලවන්න " කියලා මං කීව පාර ඔන්න ඉන්ජෙක්ශන් එක ගැහුවා විතරයි ලයිට් ගියා.
"මල කෙලියයි....ආයේ එන්නෙ හවස හතරට"
"දැන් කොහොමද සර් ගලවන්නෙ"
කට අස්සෙ කෙල පුරෝගෙන මං ඇහුවා.
කලුවරේ ගලවන්න බෑ.. පේන්නෙ නෑ... පොඩ්ඩක් ඉන්න මං කවුරු හරි ටෝච් එකක් එක්ක අඩඟහන් එන්නං කියලා මේකා එලියට ගියා..
මට හීන් දාඩිය දැන්මා... ටෝච් ගහන් දත් ගලවන්න ගිහින් වැරදි එකක් ගැලෙව්වොත්, නිකං බන්දු සමරසිංහ වගේ මැද දත නැතුව තමා ඉන්න වෙන්නෙ. මං දඩ බඩ ගාල එලියට පැනලා මාරු උනා.
ඊලඟට ඩෙන්ටල් එකක් තියෙන්නෙ රත්නපුර පොලි ක්ලිනික් එකේ. නැඟ්ගා බස් එකට. ඔන්න දැන් හිරි වැටිලා කට. ලේන්සුවෙන් කට වහන් මං ඉන්නවා ඔටුවා මැරිච්ච සුල්තාන් වගේ....
ටික දුරක් යද්දි කොන්දොස්තර අයියා ආවා ටිකට් කඩන්න....
ආ,ගන්න සල්ලි ගන්න පස්සෙන් සල්ලි ගන්න පස්සෙ සල්ලි ගන්න....කෝ....
"හහ්හපුලට හෙකක් හෙන්න?"
"කොහාටද ?????"
මාත් කට ඇරලා පුලුවන් ඩම් එක දාලා ආයෙත් කිව්වා
"හහ්හපුලට හෙකක් හෙන්න "
කියන්න සංතෝසයි ඉස්සරහා සීට් එකේ උන්න නංඟි කෙනෙක් ගේ ඔලුවේ කෙල එකයි....
" ඉඳා... මේ මොන සමයමක්ද.... කෙලත් ඇඟපුරාම ඊයා "
කියාගෙන නංඟී වෙන සීට් එකකට ගියේ හිරි වැටෙන්න ගහපු ඉන්ජෙක්ශන් එකේ හිරිඔතප් බිඳින ගමන්...
ඒත් මං නිදහස කාරණා කිව්වා
"හකක් හලවන්න හෙහෙක් හිඳලා "
තමුසේ බාබුල් කාලද ඕයී ? කව්ද නොසණ්ඩාල බමුණෙක් එහෙම අහනවා ඒ අස්සේ....මාත් මී හරකා වගේ අහන හැමඑකටම උත්තර දෙන්න යනවා...
"හාහුල් හෑවේ හෑ හෝයී...හතක් හලවන්න හෙහෙත් හිද්ද , හයිට් හියා "
මට කිව්වේ බාබුල් කෑවේ නෑ ඕයී, දතක් ගලවන්න බේත් විද්ද ,ලයිට් ගියා කියලා උනාට ඒක පිටවුනේ ඉහත ආකාරයට. ඌ මූණ හපුටු කරන් අහක බලා ගත්තා..
බස් එක පැල්මඩුල්ලට ලං වෙද්දි මට හිතුනා මේ විදියට රත්නපුරට ගියොත් ගුටි කාලා මැරෙන්න වෙන්නෙ අන්තිමට
කන්නත් නෑ බොන්නත් නෑ හුස්ම ගන්නත් නෑ වගේ කරගන්නෙ මොටද කියලා මඟින් බැහැලා ගෙදර ගියා. මඟදි ඕං අපේ බාප්පා එනවා ඉස්සරහට... මොකද්දි එකකට මල පැනලා
"ගැලෙව්වද දත.... කොහෙන්ද ගැලෙව්වේ?""
"හැලෙව්වෙ හෑ...හයිට් හියා , හස්සෙ හලෝනවා"
මං කිව්වා. ටිකක් වෙලා මූන දිහා බලන් ඉදලා බාප්පා මට මෙහම කිව්වා
" මොන රෙද්දක් කියවනවඩ්ජ මන්දා....හා හා හොල හොල ගාන්නෙ නැතුව ගිහින් බුදිය ගන්නවා.... "
අන්තිමේ පහුවදා රත්නපුරට ගිහින් දත ගැලෙව්වා.
කුෂාන් ප්‍රේමසිරි
13/07/2019
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com2tag:blogger.com,1999:blog-62324321131589470.post-60905010115031547902019-08-01T10:54:00.000-07:002019-08-01T10:54:15.806-07:00-පෝලිම-
-පෝලිම-
බැංකුවේ කවුන්ටරේ ඉස්සරහ පිට දිග පෝලිම.සඳුද දිනයක් නිසා සෑහෙන්න සෙනග. සල්ලි දාන මැශින් එක ඉස්සරහා ඊට වඩා පෝලිම. ආරක්ෂක නිලධාරින් ආරක්ෂාව බල්ලට දාල එතන මිනිසුන්ට මැසිමෙන් සල්ලි දාන්න උදව් කරනවා.
" මුන්ට තව දෙන්නෙක් කවුන්ටර් වලට දාන්න බෑනේ අම්මපා"
මට ඉස්සරහා සුදු යකඩ කිලෝ දෙකක් විතර පොරවන් ඉන්න මනුස්සයා මගෙ දිහාට හැරිලා නියවනවා.
"ඒක ඇත්ත, රස්තියාදුව විතරයි"
මිනිහට මම අකමැති උනත් හිටගෙන පෝලිමේ ඉන්න එක ගැන අප්‍රසාදය මං පල කරනවා. මිනිහා දිරිමත් වෙනවා.
"රජයේ බැංකු ඔහොමමයි.... "
මිනිහා ආයෙම කියනවා.ඇහුණේ නැති ගානට මම ෆෝන් එක අතට අරන් ඔබන්න පටන් ගන්නවා. ඒ අතරේ අතදරුවෙක් වඩා ගත්ත අම්මා කෙනෙක් පෝලිමේ පිටිපස්සෙ හිටගෙන ඉන්නවා දැක්ක කැශියර් නෝනා අත වනලා එයාට කතා කරනවා. ලමයත් එක්ක එයා කවුන්ටරේ ලඟට යද්දි එයාගේ යාලුවත් බැංකු පොත උස්සන් අනුන්ගේ පානෙන් එලිය බලනවා...
මිනිස්සු සේරම මූණ හපුටු කරන් තමන්ගේ නොකැමැත්ත පෙන්නනවා. ඒ අස්සෙ කවුන්ටරේ ඉන්න තරුණයගේ දුරකථනයට ඇමතුමක් එනවා
" 2016 සුසුකි... වැගන් ආර්. ෆුල් ඔප්ශන්. කිලෝමීටර් තිස් දාහයි. පර්ල් වයිට්... නෑ නෑ පර්ල් වයිට්. ඔව් ඔව් ...ටූ පොයින්ට් එයිට් මිලියන්. එනවා,නං කියන්න අද වාහනේ ආවේ මම බැංකුව ලඟදී බලන්න පුලුවන්"
ඇමතුම විසන්ධි කරලා කොලුවා චෙක් එකක් මුදල් කරනවා...
"මෙතන අත්සන් කරලා අයිඩී නම්බර් එකයි , ෆොන් නම්බර් එකයි ඩේට් එකයි ලියන්න.... මෙතනත් අත්සන් කරන්න"
චෙක් එක දුන්න මනුස්සයා බයාදු විදියට
"සර් පෑනක් පොඩ්ඩක් දෙනවද?"
තරුණ නිලධාරියා පෑන දික් කරනවා.
අපි බැංකුව විශ්වාස කරලා කෝටි ගණන් සබ්බ සකලමනාව සේසතම දැන්මට බැංකුවට අපිව සත පහකට විශ්වාස නෑ...ඒ නිසා එයාල රුපියල් දහයේ පෑනටත් නූලක් දාලා ගැටගහලා තියනවා.
මං බැංකුවේ බිත්තියක එල්ලලා තියන රූපවාහිනී තිරය දිහා බලන් ඉන්නවා.මුවෝ රංචුවක් පස්සෙන් පන්නන කොටි දෙන්නෙක් අහිංසක මුවෙක් කොටු කරන් ඌව මරන්න එලවන හැටි ටීවී එකේ පෙන්නනවා. බඩ මහත් මුදලාලි කෙනෙක් පන්දාහෙ කොල මිටි විස්සක් විතර අරන් බැංකුව ඇතුලට ඇවිල්ලා හිටගෙන බැංකුව සිසාරා බැල්මක් හෙලනවා. මං ආයෙමත් රූපවාහිනිය දිහා බලනවා.
මුවා පණ අදිනගමන් තමන්ගේ හුස්ම පොද රැකගන්න සටන් කරනවා. ඒ එක්කම මැනේජර් මහත්තයා දුවගෙන ඇවිල්ලා මුදලාලි ව තමන්ගේ වීදුරු කාමරේට එක්කන් යනවා. දෙන්නගේ ඔලුගෙඩි දෙක විතරක් පේනවා. ඒ එක්කම බැංකුවේ අනික් කෙලවරේ ඉන්න දෙවනි මහත්තයගේ මේසෙ උස දුරකථනය බෙරිහන් දෙන්න ගන්නවා.
"හරි සර්"
කියලා ඒ මහත්තයා රිසීවරේ තියන ගමන් පියන්ට අඬගහලා සල්ලි දාන කොලයක් මේසෙ යටින් ඇඳලා දීලා මොකද්ද කියනවා. පියන් මැනේජර් මහත්තයගේ කාමරේට ගිහින් විනාඩි කීපෙකින් සල්ලි මහ ගොඩක් අරන් කෙලින්ම කවුන්ටරේ ලඟට යනවා.
කවුන්ටරේ ඉන්න නෝනාට කේන්ති ගිහින් වගේ පෝලිමේ ඉන්න මිනිස්සු පෙන්නලා මොනවද කුටු කුටු ගානවා.
"මං දන්නෙ නෑ බොස් කිව්වෙ" කියාගෙන පියන් එතනට වෙලා හිටගෙන ඉන්නවා.
ක්රාස් ක්රාස් කෲස් ගාලා සල්ලි ගණන් කරන මැසිම එක දිගට වැඩ කරනව. ටීවී තිරයේ දැන් යන්නෙ මුවාගේ මස් කන කොටියන්ගේ සමීප දර්ශන පෙලක්. උන් බොහොම සංතෝසෙන් ලේ පෙරාගෙන මස් කනවා. පෝලිමේ ඉන්න මිනිස්සු සේරම ඒකට අවධානය නිසා කැශියර් නෝනත් මහ සල්ලි මිටි ටික විනාඩියට ගණන් කරලා ඉවර වෙලා ලාච්චුවට දාල කහපාට රිසිට් එක පියන්ට දෙනවා. මිනිහා ඒක,අරන් මැනේජර් ගේ කාමරේට දුවනවා.
මස් කාපු කොටි දෙන්නා ගහක් උඩට නැඟලා නිදාගන්න ලේස්ති වෙනවා. මැනේජර් ගේ කාමරෙන් එලියට ආපු බඩ තඩියා බැංකුවේ අනිත් අයට අත වනාගෙන පෝලිමේ සෙනඟ දැකලා පුදුමයෙන් වගේ බලලා
"අද හරියට සෙනඟ නේද ?" කියලා සිකුරිටිට කියාගෙන එලියට බැහලා වාහනේට නඟිනවා.
" අපිටත් සල්ලි මිටි තිබ්බා නං අපිත් පෝලිම් වල තපින්නෙ නෑ "
අර මනුස්සයා මං දිහාවට හැරිලා ආයෙමත් කියවනවා.
දුර්වලයා ,බලවන්තයාගේ සදාතනික ආහාරය වේ කියන කියමන මං දැක්කෙ කොතනදීද කියලා කල්පනා කරන ගමන් මං පෝලිමට වෙලා ඉන්නවා.
කුෂාන් ප්‍රේමසිරි
02/06/2019
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com1tag:blogger.com,1999:blog-62324321131589470.post-24226966871847756172019-08-01T10:52:00.002-07:002019-08-01T10:52:54.184-07:00අතීතකාමය
අතීතකාමය
එදත් අද වගේම වැස්ස දවසක්, අහම්බයකින් වගේ ඒත් ජූනි මාසේ, පාන්දර හතරට විතර මාව ඇහැරවපු අම්මා මූණ හෝදගන්න වතුර ටිකක් යකඩ පනිට්ටුවකට දාල දුන්න. ඒ කාලේ අපේ ගෙදරට වතුර තිබ්බෙ නෑ. හැමදාම කලගෙඩි පහක් , යකඩ පනිට්ටු පුරවලා තමයි අම්මා දවස අහවර කරන්නෙ. වතුර ගේන්න කරාමේ තිබ්බෙ කන්ද පාමුල මීටර් දෙසීයක් විතර ඈතින්.
උදේම ලෑස්ති වෙලා තේ බීලා තාත්තයි මායි කෑලි තුනේ ටෝච් එලියෙන් පාරට එනවා. එන අතරමඟ තියන කම්බි පාලමෙන් මට තනියම යන්න බැරි නිසා සරම කැහැපට ගහගන්න තාත්තා මාව වඩාගෙන පාලමෙන් එගොඩ වෙනවා. තාත්තා ගේ අතේ ඉන්න මට දිරච්චි ලෑලි අතරෙන් ගඟ යාන්තමට පේනවා. කම්බි පාලමක් කියන්නෙ ගඟ හරහට ලොකු යකඩ කම්බි ඇඳලා ඒකේ අඩි දෙකෙන් දෙකේ පරතරයට ලැලි හයි කරලා. අත්වාරුවට තියෙන්නෙත් කම්බි දෙකක්. පාලම හදල තියෙන්නෙ සුද්දා ගේ කාලේ.
පාලමෙන් එගොඩ වෙච්ච හැටියම මාව බිමින් තියන තාත්තා අපි දෙන්නගෙම කකුල් වලට ටෝච් එක අල්ලලා කූඩැල්ලෝ එල්ලිලාදා කියල බලනවා. ඩහ් ඩහ් කියලා කකුල් පොලවට ගහලා සේරම තහවුරු කරගෙන අපි දෙන්නා බස් එකක් එනකන් බලං ඉන්නවා. ඒ කාලේ තිබ්බෙ පාන්බාගේ රෝසා බස්. බස් එකට ගොඩ උන හැටියේ ඉඩ තිබ්බේ නැත්නම් තාත්තා මාව සීට් දෙකක් අස්සට රිංගවනවා.එක දවසක් එහෙම මාව යැව්වම ඒ සීට් එකේ උන්න ගෑනු මනුස්සයාට කේන්ති ගිහිල්ලා , රත්නපුරේ ට එනකන් මගේ ඇඟ කෙනිත්තුවා, කකුලත් පෑගුවා.
බස් එකෙන් බැහැපු හැටිය එක විනාඩියට අපි දුවගෙන එන්නෙ සමූපකාර ඉස්පිරිතාලෙට බේත් ගන්න තුණ්ඩුවක් ගන්න. නොම්බර ඇරන් අපි ඉඳගෙන ඉන්නවා. මං වටපිට බලනවා ඈනුම් අරිනවා. දොස්තර මහත්තයා ඇවිල්ලා ලෙඩ,බලල බේත් නියම කරලා අපි එලියට බහිද්දි උදේ හය හමාරට විතර ඇති, ඒ ලඟම තිබ්බ කඩේකින් උදේට බනිස් කාල තේ බොන අපි දෙන්නා පයින්ම එනවා බෝධිරාජාරාමෙට. ඒ කාලේ එතන පරණ ගැරෙජ් එකක් තිබුණා. තාත්තා අදුරන හාමුදුරුවෝ නමක් වැඩ උන්න නිසාම මාව එතන නවත්තලා තාත්තා යනවා ගල් විකුණන්න , මං පරණ කාර් දිහා බලාගෙන එව්වා අස්සට ඔලුවදාලා එඹිකම් කරනවා. මට තේ එහෙමත් හම්බවෙනවා පන්සලෙන්.
නිවිතිගල ට ගිහිපු තාත්තා ආපහු එන්නෙ එකොලහට දොලහට කිට්ටු කරලා. ආපහු අපි එන්න පිටත් වෙනවා. මුලින්ම ජයසිරි හෝටලේට, එදා සරු දවසක් නං මට ෆලූඩා එකක් හම්බවෙනවා. නැත්නම් රෝල්ස් එකක් එක්ක තේකක්. තාත්තා නම් කවදාවත් කනවා මට මතක නෑ. මං කන එක දිහා හිනාවෙවී බලාගෙන ඉන්නවා.
තේ බීලා ආව ගමන් තාත්තා ඒ ලඟම තිබ්බ ලොකු සාප්පුවක දොර අයිනේ පඩිපෙල ලඟින් මට ඉන්න කියනවා...
"මං මාළුව කන්න දෙයක් ඇරං එන්නම්, ඔතනම ඉන්න ඕන. "
තාත්තා අඩියට දෙකට දුවනවා. මං වාහන මිනිස්සු දිහා ඔලුව කහකහ බලන් ඉන්නවා. හැමදාම අඳින රතුපාට ටී සර්ට් එක යට කරල ඇඳපු කොලපාට කොට කලිසමත්, කලු පාට පුංචි බාටා සෙරෙප්පු දෙකත් දාගෙන ඉන්න මගේ පෙනුම කොහොමත් ඇහට ප්‍රියමනාප එකක් නම් නෙමෙයි.
"ඔතනින් අහකට යනවා"
මං ගැස්සිලා පියවි ලෝකේට එනවා. කඩේ මුදලාලි අලුත්ම කාරෙකෙන් කඩේ දොරකොඩම බැහැලා , අලුත්ම සූට් එක, සුදු පාට සෙරෙප්පු දෙක, ලොකු මුද්දක් බ්‍රේස්ලට් එකක් දාපු මුදලාලි හරි තේජස් පාටයි.
"එහාට යනවා ....යනවා යනවා...එහාට "
මුදලාලි මට කෑගහනවා ,මං ඉබේම කඩේ සීමාවෙන් එහාට ගිහින් බුලත් විට විකුණනන පොඩි බාර් එකලඟ හිට ගන්නව. මං දිහා බලලා තොහ් ගාලා කෙල පාරකුත් ගහන මුදලාලි කඩේ අස්සට යනවා.
කඩේ වීදුරු රාක්කෙ තිබ්බ ඉලක්කම් වැටෙන ඔරලෝසු ගැන සිහියෙන් උන්න මට ඒක එච්චර ගාණක් නැතුව යනවා,
"කොහොම හරි ඔරලෝසුවක් ගන්න ඕන"
ඊට සුමානෙකට කලින් ගෙදර බිත්ති ඔරලෝසුවේ බැටරි කෑල්ල ගලවලා බල්ප් පත්තු කරන්න ගිහින් තාත්තා ගෙන් හොඳාටම ගුටි කාපු එක මතක් වෙලා මට එක පාරටම හිනා යනවා. ඒ එක්කම ආපු තාත්තා මගේ කණ මිරිකනවා.
"ඉන්න කිව්ව තැන නොයිද කොහෙ යනවද?"
මං විස්තරේ කියනවා
"බොරු නොකියා ඉන්නවා..ඒ මිනිස්සු එහෙම කරන්නෙ නෑ... තමුසේ එලියේ බඩු මුට්ටු අතගාන්න යන්න ඇති"
තාත්තා එහෙම කියනවා... තාත්තාත් මුදලාලිගේ පැත්තේ. මං මූණ එල්ලගෙනම ඉන්නවා ගෙදර එනකන්, ඒත් බස් එකට නැඟපු රටකජු වෙලෙන්දගෙන් රුපියල් පහක කජු, තාත්තා අරන් දෙන නිසා මං ආයෙම සංතෝසෙන් වටපිට බල බලා එනවා.. ගෙදර ඇවිල්ලා මං ඉසෙල්ලාම කරනේ චිත්‍ර පොතෙන් කොලයක් කඩාගෙන මං දැක්ක ඔරලෝසුව ඒකෙ ඇඳල බිත්තියේ අලවන එක.
ඊට පස්සෙ මං කොට බංකුව උඩ වාඩිවෙලා නිකන් ඉන්න හැම වෙලේකම ඒ ඔරලෝසුව දිහා බලන් ඉන්නවා. ඊටත් මාස දෙකකට විතර පස්සෙ ඒ කඩේ ලඟින් ආයෙමත් යද්දි මං තාත්තා ට ඒ ඔරලෝසුව පෙන්නනවා.
" අද අතේ සල්ලි නෑ මහත්තයා..."
(( තාත්තා මට පොඩි කාලේ ඉඳන් කතා කලේ මහත්තයා කියලා. අදටත් රට ඉඳ්දි මං කෝල් කලාම
"ආ....මහත්තයා .... අද නිවාඩුද වැඩද...." කියලා තමයි තාත්තා කතාව පටන් ගන්නෙ. ))
තව ටිකක් වෙලා අපි දෙන්නා ඒ වීදුරු රාක්කෙ අස්සෙ තියන ඔරලෝසු ගොඩ දිහා බලන් ඉන්නවා.
"අපි පස්සෙ එකක් ගමු ,දැන් යං"
එදා ඉඳන් අද වෙනකන් මං ඔරලෝසු බැඳලා තියෙන්නෙ ජීවිතේට එක පාරයි, ඒකත් කසාඳ බඳින දවසේ මාධී අරන් දුන්න ටයිටන් ඔරලෝසුව. ඒ සේරම අතීත මතක විදියට අමතක කරලා මං බී ඇම් විජේසිංහ පොත් සාප්පුව ලඟ වාහනේ නතර කරලා එදා ඒ කඩේටම ගොඩ වෙනවා.
"සර් මොනවද බැලුවේ ?"
වයසට ගිහින් තරුණ කම , තේජාන්විත කම සේරම අනිත්‍ය වේ කියලා තේරුම් ගත්ත ඒ මුදලාලිම මගෙන් බොහොම කරුණාවෙන් ගෞරවාන්විත විදියට අහනවා..
" මේ කඩේ අයිනේ තාත්තා එනකං බලන් උන්න පොඩි එකෙක් හිටිය දැක්කෙ නැද්ද ?"
යටි හිතෙන් එහෙම අහන ගමන් මං උවමනා බඩු ටික අරන් කඩෙන් එලියට බහිනවා.
" ඇම්ස්ටර්ඩෑම් බලා යන එයා ෆ්රාන්ස් මගීන් කරුණාකර දොරටු අංක දහ අට වෙත පියනඟන්න "
අතීතකාමය එක්ක සිතුවිලි සාගරේක ගිලිලා ඉන්න මට ඒ නිවේදනය ඇහෙන්නෙ ප්‍රංශ ඌරුවට ඉංග්‍රීසි කතා කරන කාන්තාවකගේ හඬින්. ගමන් මල්ලත් පිටේ එල්ලගෙන මම නොම්බර දහ අට හොයාගෙන ඉස්සරහට යනවා.
කුෂාන් ප්‍රේමසිරි
ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපලේ සිට
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com0tag:blogger.com,1999:blog-62324321131589470.post-64202998239532558642019-08-01T10:51:00.002-07:002019-08-01T10:51:43.905-07:00ෆෘට් ජූස්
ෆෘට් ජූස්
මං ඉතිං ඔය කන බොන එව්වා කිරලා මැනලා කන මනුස්සයෙක් නෙමෙයි.බොහොම අමාරුවෙන් හාල් සේරු එක හමාරක බත් කන, පාන් රාත්තල දෙකට කපාගෙන හරි අමාරුවෙන් කන මනුස්සයා. කොටින්ම කෑම ගැන මං එච්චර හිතන්නෙ නෑ . යන්තං මසක් මාලුවක් එක්ක මාලුව ජාති හතරක් බිත්තරයක් තිබ්බම අනේ හොඳටම ඇති මට.
ඔන්න ඔයාකාරයට කටයුතු සිද්ද වේගෙන යද්දි මට හිතුනා පලතුරු යුෂ බොන්න. ඒ කියන්නෙ මේ ෆෘට් ජූස්. සරීරෙට හොඳයි නේ...ඒකයි
හැබයි ලංකාවේ නං ජූස්බාර් වල එක කොමඩු ගෙඩියයි ගස්ලබු ගෙඩියයි, දොඩං ගෙඩි පහයි තිබ්බා නං ගමක් ආවත් හදහදා දෙනවා. හරියට රත්ති වගේ.පාර අයිනේ විකුණන ඒවා ඇත්තටම හොඳයි මොකද ඇහැට පේන්න දොඩං හෙවත් සිදරං ගෙඩි දෙකක්ම දාලා පොඩි නාරං ගැටේකුත් දාන නිසා. ගාණත් සාධාරණයි.
ඔය නිසා මං ෆෘට් ජූස් හදන බ්ලෙන්ඩරයක් ගෙනාවා. උස ලොකු කෝප්පෙ තියන හුරුබුහුටි මැසිම. එමිං ගමන් අලිගැට පේර මල්ලක්, අයිස්ක්‍රීම් ලීටරයක් , කිතුල් පැණි බාගයක් එහෙම ගෙනල්ල බ්ලෙන්ඩ්රේට සේරම දාලා අයිස්ක්‍රීම් පැණිත් දාලා ඒකට වැඳලා නමෝ විත්තියෙන් සුවිච් එක දැම්මා.
මට එච්චරයි මතක.
සතුට වැඩිකමට මං සේරම දාල බ්ලෙන්ඩ්ර් එක ඔන් කරලා තිබ්බෙ උඩ පියන වහන්නෙ නැතුව.
කුස්සියේ සීලිමේ, බිත්තිවල ,සහ අනෙකුත් සෑම තැනම අලිගැට පේර අයිස්ක්‍රීම් මික්ස්චර් එකක් ස්ප්‍රේ කලා වගේ. හරිම කලාත්මකයි , ඒකාත්මිකයි.
හරියට කක්කුසි වලකට ඩයිනමයිට් දාල පිපිරෙව්වා වගේ.
සේරම බඩු මුට්ටු එලියට ඇදලා හෝදලා වේලලා වැඩේ පිලිවෙලයිස් කරන්න මට වරුවක් ගියා. ඒත් ඒ වහන්තරාව හරියට සුද්ද වෙන්නෙ නෑ , වෙලා යන්න යන්න නරක් වෙන නිසා පිළුණු ගඳ.
අන්තිමේ දවසක් ගෙදර නැවතිලා , පරණ තීන්ත බකට් එකක තිබ්බ තීන්ත ගාලා තමා ලෝකපාවාදයෙන් බේරුනේ.
තව කෙනෙක්ට ඕකම වෙලා තිබ්බා පොල් ටිකක් බ්ලෙන්ඩර් කරද්දි .මිනිහා ගේ දාලා ගියා
කුෂාන් ප්‍රේමසිරි
29/07/2019
"ඇයි බං අරූ අපිට එන්න කියලා තියෙන්න ?"
ඒ ප්‍රශ්නෙත් එක්ක ඔෆිස් කාමරේට රිංගපු අපිව පිලිගත්තේ කුලතුංග සර්. වෙනදට ඒ පිලිගැනීම් වෙන්නෙ මෙහෙමෙයි
"බෑ අයිසේ තමුසෙලා එක්ක මේක කරන්න...ආයතනයක විනයක් නීතියක් තියනවා"
එතනින් පටන් අරං සර් පේරාදෙණි කැම්පස් එකේ ඉගන ගත්ත කාලේ වෙනකන් කාලීන දර්ම දේශනාවක් අපිට අහන්න වෙනවා. ඒත් එදා තත්වේ වෙනස්
" ගායිස්....ප්ලීස් කම් ඉන් ...."
සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සර් ගේ මේසේ ඉස්සරහා හයේ හතරේ බොහොම ප්රතාපවත්
වයස හැත්තෑවක් විතර වෙන මනුස්සයෙක් වාඩිවෙලා හිටිය. අපි , අපේ හචා
ඇඳුම්.... බාල හම් සෙරෙප්පු, රැවුල් කොට දුංකොල ගඳ විනිවිඳ යනතාලේ බැල්මක්
හෙලාපු මනුස්සයා නැගිටලා
" මම සූප්පුවා ගේ තාත්තා ... අහවලා වෙමි "
කිව්වා. අපි කට ඇරන් හෑ කියා ගෙන බලන් උන්න. මොකද ඔය ලොකු මිනිසුන්ට උදව්
කරන්න ගියාම වෙන්නෙ උදව් කරාපු එකාට පොලිසි ගානේ රස්තියාදු වෙන වැඩ බවට අපි
අත්දැකලා තිබුනා. ඒත් අපි ඌට අහවල් දෙයක් කලායෑ.... ගෙදරට ගිහින් ඇරලුවා
විතරනේ...
මේ ළමයි එදා කරාපු උදව්වට ස්තූතියි කරන්ඩ මං මේ ආවේ.එහෙම
කියාපු ඒ තාත්තා අපි එක එකාගේ අත් අරන් හෙලෙව්වා. ජීවිතේට අතට අත දීපු
පලවෙනි පාරද කොහෙද.
ඒක සුලු දෙයක්. ඕක මොකද්ද..
අපි යමුද
පොඩ්ඩක් පහලට. ඒ මහත්මයා අපිට කිව්වා. ඒ ගිය ගමන අපි දැන ගත්තේ සූප්පුවාගේ
පවුල කියන්නෙ එසේ මෙසේ එකක් නෙමෙයි කාලෙක ලංකාවේ වැඩිම ඉඩං අයිතිය තිබ්බ
ප්‍රසිද්ධ පවුල් අතලොස්සක් අතරින් එකක් කියලා. ඒ තට්ටුවේ තිබුනේ
සූප්පුවාලගේ අපනයන අංශයේ ඔෆීසිය. බෝඩ් ලෑල්ලේ නම දැක්කම අපිට හීක් ගෑවුනා.
විස්වාස කරන්න අපහසු සූප්පුවා ගේ ජීවිතේ විස්වාසෙට ගන්න අමාරු තවත් කතාවක්
එලියට ඇඳුනේ එතනදි. දරු ප්රසූතියෙදී මියගිය තමන්ගේ එකම දියණියගේ පුතාට
අම්මයි තාත්තයි වෙලා තිබුනේ ආච්චියි සීයයි. අදටත් හැම අවුරුද්දකම එක දිනයක
සන්ඩේ ඔබ්සර්වර් පත්තරේ පුරා පිටු දෙකක සූප්පුවාගේ අම්මා ගේ අනුස්මරණ
දැන්වීම යනවා. "මෙනවිය" කියලා ඒ දැන්වීමේ තියන එකෙන්ම සූප්පුවා ගේ තාත්තා
ගැන අදහසක් කියවන ඔබට ගන්න පුලුවන් මං හිතන්නෙ.
පරම්පරාවට නම්බුවට
කීර්තියට කැලලක් වෙන නිසා කොලඹ හතේ එක්ටැම්ගෙයක උන්මාද චිත්රාවක් වෙච්ච
සූප්පුවාගේ අම්මා අධ්මාත්රාවෙන් බෙහෙත් පෙති වගයක් බීලා සියදිවි හානි
කරගන්න උත්සහා කරලා රෝහල් ගතකරද්දි සූප්පුවා මෙලෝ බලා ඇවිල්ලා තිබුනා
ජීවිතේ හැටි. ඒ කතාව අහන් උන්න අපට තිබුනේ ප්‍රශ්න දෙකයි....
ඇයි මේක අපට කිව්වේ ?
කෝ සූප්පුවා දැන් ?
ඊට දවස් තුනකට කලින් සූප්පුවා එංගලන්තය බලා කටුනායකින් නික්ම ගිහිල්ලා
තිබුනේ ස්තීර පදිංචියටමයි. කොන්වෝල් ප්‍රාන්තයේ වතු පිටි ගෙවල් දොරවල්
තිබුන නිසා ඒක ප්‍රශ්නයක් උනේ නෑලු. ඒ එක්කම සූප්පුවා ගේ අම්මා නොහොත් කිරි
අම්මාත් ගිහින් තිබුනා. අපිට කතා කරපු සීයත් ඊලග සිකුරාදා මව්බිමෙන්
නික්මයන බවක් කිව්වා. ඊට පස්සෙ සක්කුවෙන් සුදුපාට කවරයක් ඇදලා අපි දිහාට
මේසෙ දිගේ තල්ලු කරපු මේ මනුස්සයා ඒකත් අරන් අපිට දැන් ගියාට කමක් නෑ
කිව්වේ , අපි එක්ක කතා කරපු මනුස්සකම යටපත් කරාගෙන රදල මාන්නය ඉස්මතු වෙච්ච
නිසා වෙන්න ඕන
ස්තූතියි කරපු ලියුමක් සූප්පුවා ගෙන් සහ රුපියල් දහදාහක චෙක් පතක් කවරේ අස්සෙ තිබුනා.
හරි නම් වෙන්න ඕන යාලුවගේ ස්තූතියි ලියමන හොටු පෙරාගෙන කියවලා අපි චෙක්
එක ඉරලා විසි කරන එක. උනේ ඒකෙ අනික් පැත්ත. ලියුම විසි කරලා චෙක් එක අරන්
හූ තියාගෙන බැංකුවට දුවපු එක.
එදා රෑ බෝඩිමේ හිටියා පණහක් විතර
කොල්ලො. හැම එකාටම කෑම බීම බයිට් මගුල් ගෙයක් වගේ. උසස් තැන්වල යාලු
මිත්තරයෝ ඉන්නවා කියන්නෙ මහජන සම්පත ඇඳුනා වගේ. සූප්පුවාගේ සල්ලි වලින් ඌ
ගැන එක වචනයක් නොකියා වෙන හැම දෙයක් ගැනම කතා කරද්දි හතරැස් බෝතල් එක එක
ඉවර උනා. සමහරු ඉංගිරිස් කතා කලා. ප්‍රංශ කතා කලා... සමහරු නැටුවා.තවත් උන්
ඇඬුවා.... ඒ අස්සෙ තව උන් වමනේ කලා.. තව එවුන් පරණ කෙල්ලට කෝල්
කලා...කෙල්ලන්ගේ ගෙවල් වල ලෑන්ඩ් ෆෝන් එකට කෝල් අරන් ආතල් ගත්තා ... ඒත්
සූප්පුවා ...
කව්ද ඕයි සූප්පුවා කියන්නෙ.... ???
ඒ විදියට
ජීවිතේ ගලාගෙන ගියා. රස්සාවල් පටන් ගත්තා... අපි පවුල් පන්සල් උනා. සමහරු
ලංකාව දාලා ගියා.... ඉරණම්කාරී හොයාගෙන මාත් එංගලන්තය බලා නැව් නැංගා.
ඒත් ඒ කිසිම දවසක සූප්පුවා ගැන මතක් උනේම නෑ...ඒ ජිවිතේ රෙස්ටුරන්ට් වල
කුස්සි අස්සෙ, ෆැක්ටරි වල කක්කුස්සි හෝදද්දී අම්බානකට කට්ට කද්දි එක දවසක
අහම්බෙන් වගේ සුපිරි වෙලඳසැලක තිබ්බ මේ වගේ පෝස්ටරයක්
" සියයට සීයක් සුපිරිසිදු සිලෝන් ටී.... අහවල් පවුලේ සාඩම්බර නිෂ්පාදනයක්"
සූප්පුවා ආයෙමත් කරලියට ආවා. ලංකාවේ වගේ නෙමෙයි එංගලන්තයේදී මනුස්සයෙක්
ගැන හොයන්න හරිම ලේසි. ඕන කරන්නෙ එහේ තැපැල් කන්තෝරුවක හිතවතෙක් විතරයි...
නම ගහපුවම ඉන්න තැන සේරම පුක් ගාලා කොම්පීතරෙන් කියනවා. චෙස්ටර් පෝස්ට් එකේ
උන්න හිමාෂි සූප්පුවාගේ විස්තරේ මට හොයලා දෙනවා. මං ඌට කතා කරනවා. හරියටම
වසර හතරකට පස්සෙ මම , සුපුනා, සූප්පුවා එකට හම්බෙනවා.
ඇඟ පුරා
පච්ච ගහපු , දිවේ ඇහිබැමේ නාස් පොල්ලෙ මුදු දාපු අපි දැකපු සූප්පුවා නෙමෙයි
නිකන් පරණ කක්කුසි හෝදන බුරුසුවක් වගේ දිරාපු එකෙක් අපි ඉන්න තැනට ආව.
මේ මොන හාල් කෑදැත්තෙක්ද කියලා හිතුනා .අපි අතරමං වෙලා තිබුනට වඩා දහස්
ගුණයක් වැඩියෙන් සූප්පුවා මේලෝකෙ අතරමං වෙලා. වීසා ඉවර වෙච්ච ලංකාවෙන්
ගිහින් හිටපු කස්තිරම් සේරම අල්ලපු ගෑනු ලමිස්සියෙක් සූප්පුවාගේ බිරින්දෑ
වෙලා. ඒ වෙද්දි උන් දෙන්නම අධික කොකේන් සහ ඇල්කොහොල් භාවිතයට යොමුවෙලා. අපි
එක්ක කතා කරද්දිත් හුරුස් හුරුස් ගාල එක දහස් සැරයක් ඌ නාහෙ උඩට අදින්න
ඇති. ඒ කොකේන් මත්ද්‍රව්‍ය නාසය තුලින් ඉරීමෙන් ඇතිවන තත්වයක්...අත්වල පච්ච
වලට යටින් ඉන්ජෙක්ෂන් කටු පාරවල මහ ගොඩක්....
නුදකින් කාලකන්නි පර බල්ලා.... අපි ජීවිතේ හොයනවා... ජීවිතේ අතේ තියන් උපන්න උඹලා ඒකට පයින් ගහනවා...
අසීමාන්තික මාසික ආදායම නිසාම ඌ නාස්ති වෙන එක ඉක්මන් වෙලා තිබුනා. පැය
ගාණක් මුහුද අයිනේ වාඩිවෙලා ඌ ඌට වෙච්ච සංතෑසිය අපි ඉස්සරහා වැමෑරුවා.
සූප්පුවා ගේ අම්මා ගැබිණියක් වෙලා තිබුන නගරයේම ඌ කුඩ්ඩෙක්වෙලා ඉබාගාතේ
ඇවිද්දා.... අකාලයේ ඒ අම්මාට ජීවිතෙන් සමුගන්න කටයුතු සලස්වපු , එයාව අනාත
කරපු ඒ මනුස්සයා එහෙමත් නැත්නම් සූප්පුවා ගේ තාත්තා , සූප්පුවාගේ ජීවිත
කතාව සේරම ඌව හොයාගෙන ගිගින් වමාරලා තිබුනා. හොඳ විදියකට නෙමෙයි... ඌව
දරුවෙක් විදියට හදාවඩා ගත්ත ආච්චි සීයගෙයි හිතේ ජන්මාන්තර වෛරයක් ඇතිවන
විදියට.
ඒ පලිය ගන්න හිතුවක්කාර වෙච්ච සූප්පුවා නතර උනේ තවත් අහිංසක
ජීවිතයක් මේ ලෝකෙට බිහි කරලා නන්නත්තාර කරවලා... කුඩ්ඩෙක් අමු වසලයෙක්
විදියට.
සසර වෛරක්කාරයෙක් වෙච්ච සූප්පුවාගේ තාත්තා කියන අසමත්ජාති
මනුස්සයා ඒ වෙද්දි සූප්පුවාගේ ව්‍යාපාරික කොටස් වලට අදාල සියලුම ලිපි ලේඛන
වලට වැඩ කටයුතු සිද්ද කරලා තමන්ගේ පාලනයට අරන් තිබ්බා. අපි ඌට උදව් කරන්න
හැදුවා. ඌව අපි එක්ක එක්කන් යන්න හැදුවා... ඒත් ඌ හිනා වෙලා කිව්වෙ
අයි ඩෝන්ට් හෑව් මච් ටයිම් මචං..... සූනර් ඔර් ලේටර් මාම් විල් කෝල් මී....
(මට වැඩි කාලයක් නෑ බං ... ඉකමනට හරි පහුවෙලා හරි අම්මා මට කතා කරයි)
අපි විසිරිලා ගියා..
එකම වේදිකාවේ දෙපැත්තේ නවත්තපු කෝච්චි දෙකක ... ඌ ලන්ඩන් ගියා... මමයි සුපුනයි චෙස්ටර් වලට ආවා.
ඒ වේගයෙන්ම කාලයත් ගියා. අවස්තා කීපයකදි ඌට කතා කලත් ඌ අපිට මඟහැරුණා..
වසර පහකට පස්සෙ, සූප්පුවා ආයෙත් මට හම්බවෙනවා.
මීගමුවේ මත්ලෝලීන් පුනුරුත්ථාපනය කරන ආයතනයක නේවාසිකයෙක් විදියට. ජීවිතේ
ඇත්ත කතාව තේරුම් ගත්තත් උගේ දෛවය ඌට තව අවස්තාවක් නම් දීලා නෑ. ඇවිදින
ඇටසැකිල්ලක් වගේ කොටට කපපු කොණ්ඩේ...සුදු ඇඳුම සහ වැහැරුණු සූප්පුවා සහ
.... කෙල්ලො පිස්සුවෙන් වහේ පස්සෙන් ගිය සූප්පුවා ගේ වෙනස මට දැනුත් මැවිලා
පේනවා.
දරුවන් මැටි පිඬක් බඳුය.... එය නිසියාකාරව නිසි හැඩතල..දරා
ගැනීම් සහ අත්දැකීම් ලබාදෙමින් ඇඹීම දෙමාපිය ගුරුවරු වගකීමක් මෙන්ම සමාජයීය
යුතුකමකි.... නැතහොත අයාලේ යන කපුටන් සිය කිලුටු තුඩින්... මැටි පිඬ විනාශ
කර දමයි.
උඹට සුබ අනාගතයක් සූප්පුවා ....
කුෂාන්
14/02/2019
මේ වගේ චරිත අපි අතරේ ඉන්නවද කියලා වෙලාවකට පුදුමත් හිතෙනවා. ඒත් ඇත්තටම එහෙව් චරිත මේ මහපොලවේ අපිට ඇස නොගැටී ජීවත් වෙනවා.
සූප්පුවා කියන්නෙ අපි දාපු නම උනාට මුන්දැගේ අයිඩිං කාඩ් ඒකේ නම රාජසිංහ රජතුමාගෙන් නම්බු තානාන්තර ගත්ත තෝම්බුවක් එක්කයි තියෙන්නෙ. කොටින්ම මේ කියන්නෙ අපතයෙක් නොවුන නමුත් දෙමාපියන් අසීමාන්තික ලෙස දක්වපු සෙනෙහස ආදරය නිසා වසර විසි ගණනින් පසුව දඩොං ගාලා සමාජෙට වැටුන කරුමෙට ජීවිතෙ විනාශ කරගත්ත අහිංසක සුන්දර හදවතක් තිබ්බ මනුස්සයෙක් ගැන.
ලංකාවේ සුපිරිම පැලැන්තියක රටේ නමගිය දෙමාපිය යුවලකගේ එකම දරුවා. උපත්තියෙන්ම සියලු සැප සම්පත් දෝතින් දරාගෙන , කුමාර ජීවිතයක් ගතකරපු එකෙක්.
ඔය සමහරක් ගෙවල් වල පිං බත් කෙලලා පුස් ඌරෝ වගේ පිම්බුන , මනුස්සයෙක් ආවම කාමරේ අස්සෙ ඉන්න, මොනාහරි ඇහුවම රට පණ්ඩිත කමක් දොඩවන, ඇමරිකන් ෆැන්ටසි අස්සෙ ජීවත් වෙන " බබාලා " සහ සූප්පුවා අතර වෙනස අහසට පොලව වගේ. සූප්පුවා බ්‍රයිටා නිව්ටල් ඩයල් එකක්
උදේට තමන්ගේ රියදුරා එක්ක වොල්වෝ කාරෙකකින් එන සූප්පුවා අඳින්නෙම ලකෝස්ට් , ලීවයි ස්ට්රවුස් ටී ශර්ට්, කලිසම් නම් වැන් හියුසෙන්, පීටර් එංගලන්ඩ් , අලුත්ම පන්නෙ සපත්තු ,
පිටින් වතුර උගුරක් තරම නොබොන , වාහනේට වෙලා දවල්ට ගෙදරින් ගේන කෑම එක කන , සූප්පුවා ට අපේ බැච් එකේ කෙල්ලො පිස්සු වැටිලා හිටියේ. ඒ තරමට මිනිහා හැන්ඩියා. ඒ වගේම ප්‍රතිරූපය, අපි දිහා වැරදිලාවත් බලන්නෙ නැතු කෙල්ලො සූප්පුවා ට ගුඩ් මෝර්නින්ග් කියන්න පොර කෑවා, ඌ එන ඉස්සරහය එක දාන්න රිංගනවා. මේ විදියට මාස ගාණක් ඌව දැලේ දාගන්ඩ ට්‍රයි කරාපු ලස්සනම කෙල්ලෙක් අන්තිමට ඌට ප්‍රසිද්ධියේ මෙහෙම කිව්වා
" තමුසෙ මහ පොන්නයෙක් ඕයි"
එදයින් පස්සෙ ලෙක්චර් එකට ආවත් ලැබ් එකකට ගියත් මොනවා කලත් සූප්පුවා ඒවා ඉවර උන සැනින් අතුරුදන් උනා.ආයෙත් ඊලග ලෙක්චර් එකට කොහෙන්දෝ ඉදලා මතු උනා. පස්සෙ ආරංචියෙ හැටියට ඌට ලමයි හිනාවෙන නිසා ඒකෙන් බේරගන්න වායුසමනය කරාපු ඔෆිස් කාමරයක් සියලු බඩු මුට්ටු එක්ක කොල්ලුපිටියේ මර්චන්ට් ටවර් එකෙන් කුලියට අරන් තිබුනා.මේ 2007 දී .රුපියල් අසූ දාහක් ද කොහෙද ඒ පොඩි කාමර කෑල්ලට කුලිය.
ඒ විදියට කාලය ගෙවෙද්දි අපි කොල්ලුපිටියේ කඩවල පිලිකන්නෙ ප්ලේන්ටි බිබී දුම් වලලු පාකරද්දි , සූප්පුවා අපේ බයිට් එක උනා. සමහරු කීවේ ඌට මොකක් හරි ලොකු අසනීපයක් ඇති කියලා. සමහරක් කීවේ මහන්තත්ත සල්ලිකාර අමන වේසිගෙ පුතෙක් කියලා, තව උන් කීවේ මහ උන් ඕනවට වඩා ඌ හුරතල් කරලා නිසා ඌට මෙලෝ අලබෝලයක් ගැන තේරුමක් නෑ කියලා.
ඔය කොයි හැටි වෙතත් එක සිකුරාදාවක රෑ අටට අපේ එක්සෑම් එකක් ඉවර වෙලා අපි පහලට බහිද්දී ලොබියෙ ඉඳන් ඉන්න සූප්පුවා මී හරකෙක් වගේ අඬනවා. පොඩි උන් මහ පාරේ අඬන්නෙ අන්න ඒ වගේ.
මොකා උනත් අපේ එකෙක් නිසාම අපි ඌට කිට්ටු කලා. ඌ අපෙන් දුරස් වෙන්න තවත් හේතුවක් තිබ්බා, ඒ ඉංගිරිසි හැකියාව. කොටින්ම සූප්පුවා සුද්දෙක්ට වඩා හොඳට ඉංගිරිස් කතා කලා, සමහර ආචාර්ය වරුත් බයයි ඌ එක්ක කතා කරන්න.
"ඇයි මචං මොකද අවුල?"
"ලීව් මී අලෝන් ප්ලීස් "
" මොකද යකෝ උනේ.... ?"
"ප්ලීස් බී පලයිට්.... තින්ක් ට්වයිස් බිෆොර් යු ස්පීක්"
ඒ ගොන් වහන්සේ ඒ අස්සෙත් ස්ටේටස් ඇන්ඩ් රෝල් නඩත්තු කරනවා. අන්තිමට අපි ඔය කොයි අප්පුහාමිටත් දෙන මව් බස, ගැමි සුවඳ මතක්වෙන බේත් ජුන්ඩක් ඌටත් දුන්නා
" ඈ පර බල්ලො... උබේ ආච්චිට $%&=@=#($((% තොට මොකෙක් හරි ගැහුවද? නැත්නං ගෙදර එකෙක් මැරිලද ගොං කපයා... හොටු පෙරිල්ල නවත්තලා මින්හෙක් වහේ කතා කරපං නැත්නම් තොගේ ඇ% දෙකෙන් උස්සලා පොලවේ ගහන්නේ වේසාවා..."
ඒ බේත ඌටත් වැඩ කලා , අනිත් උන්ට වගේ එක පාරටම නෙමෙයි ටිකක් වෙලා ගිහින් මාත්‍රා පහක් විතර දීලා කුනුහරුප තුන්සීයක් විසි දෙක හමාරක් කියලා ඌව නැගිට්ටවල කම්මුලටත් දෙකක් දුන්නාට පස්සෙ ඌ කතා කරන්න පටන් ගත්තා..
අපි වගේම පියෝ ශිංහල වලින් නම් නෙමෙයි .පොශ් සිංහලෙන්
ඌගේ කතාවට අනුව අම්මයි තාත්තා යි සමුලුවකට විදෙස් ගත වෙලා ලු. ගෙදර යන්න බලං ආවම ඩ්‍රයිවරයා පේන්න හිටියෙ නෑලු. උගේ ෆෝන් එකයි පර්ස් එකයි වාහනේ අස්සෙලු.
"ඉතිං බං ත්‍රීවිල් එකක් නැගලා ගෙදර පලකො.... අහවල් කෙලියටද මෙතන රෙන්න හදන්නෙ...?"
උගේ උත්තරෙ අම්මාපල්ලා අපේ කටවල් ඇරිලා කන් කඩා හැලිලා කලිසම් ගැලවෙලා බිමට වැටුනා
" මං තනියම යන්න දන්නෙ නෑ"
වයස විසි තුනක් වෙච්ච කොලඹ ඉපදිච්ච එකෙක් තනියම ගෙදර යන්න පාර දන්නෙ නෑ කිව්වම.. ඒ මදිවට උපන්තේකය බස් එකක ත්‍රීවීල් එකක ඌ ගිහිල්ලා නෑලු.
"ගෙදර ඇඩ්රස් එක දන්නවද....?"
ඒ උත්තරෙන් අපිට සිහිනැතිවෙන්න ආවා.
ඉමර්ජන්සි කොන්ටැක්ට් කාඩ් එක මගෙ වොලට් එකේ. ඒකෙ තිබුනා.
අපේ උන්ට මල පැන්නා
" උබ රීලා පුක හෝදන්න දන්නවද නැත්නම් ඒකටත් වැඩට එකෙක් ඉන්නවද..?"
"මූ මරන්න එපායෑ... නෑ මුගේ මහ උන් මරන්න ඕන මේ වගේ ලොන්ත පැටව් හදනවාට.."
"යකෝ ගල් කාරයෙක්ට අහු උනා නම් තෝ උස්සන් ගිහින් තියාගෙන පලන්නෙ...තූ ගොං වාහේ...."
ඔය අස්සෙ එලියට ගිය එකෙක් මෙහෙම කියං ආවා.
යමල්ල එලියට සික්කො මේක වහන්න හදන්නෙ. තමන් ගේ ගේ තියන ඉසව්ව නොදන්න අමුතුම තාලේ ජීවිතයක් එක්ක අපි පාරට බැස්සා.
දැන් මූට මොකද කරන්නෙ?
ඒ කාලේ ඔය ෆේස්බුක් ගූගල් මැප් අනම් මනම් ලටපට ලංකාවේ ප්‍රචලිත නෑ .ඒමත් නෙමෙයි අපිට ඒවට උපකරණ තිබ්බෙ නෑ. කල්පනා කරද්දි අපේ සමීරට ආවා අයිඩියාවක්
"මූ පොලිසියට ගිගින් දාමු "
"ඒක හරියන්නෙ නෑ බං මේ ගොන්තා ගේ ඇඩ්රස් එක හොයා ගන්න විදිය්ක් කල්පනා කරපං"
" ඔන්න ඕකට බම්බු ගහන්න කියල යං බං අපි. ඕකා හෙට උදේ වෙද්දි ගානට හැදිලා තියෙයි."
අපි ඌට එහෙම නොකලේ එක හේතුවක් හින්දා. දවසගානේ ඌ හම්බුනාම උදේට අපි
"ඒ රුපියල් සීයක් දීපං?"
කිසිම දාලා අදිමදි නොකර ඌ ඒක අපිට දුන්නා ඒ විතරක් නෙමෙයි උගෙන් අපිට අබමල් රේණුවක වැරද්දක් වෙලත් නෑ.
අන්තිමේ කාටද කල්පනා වෙච්ච අදහසක් අනුව ඒ වෙනකොටත් ඇඩ්මින් ඔෆිස් එකේ හිටි සර් කෙනෙක්ට කතාව කියලා උගේ පුද්ගලික ලිපිගොනුව අවුස්සල අපි උගේ ඇඩ්රස් එක ටෙලිෆෝන් නම්බරේ හොයා ගත්තා. කොල්ලුපිටියේ ඉඳන් ග්‍රීන් පාත් එක පහු කරලා බොරැල්ල පැත්තට යද්දී හම්බෙන පටුමගක තිබ්බ මහා විශාල බංගලාවට එනකන් අපි ඌව එක්කන් ආවේ පයින්.
පුදුම ජීවිත එව්වා. ඒ ගෙදර ගේට්ටුව ඌට ඇරුනට අපිට ඇරුනේ නම් නෑ අඩුම ගානේ ස්තූතියි කියන වචනයක් ඇහුනෙත් නෑ . ඔව් ඔය ලොකු මිනිස්සු ඔහොමයි , උන් පොඩි උන්ව පාගලා රදලයන් වගේ වැජඹෙන එක විතරයි කවදත් උනේ.
අපි එක පාරටම සමාජවාදීන් වෙලා සමානාත්මතාව ඇතිකරන්න විප්ලවයක් කරන්නත් මහා සුවිසල් මන්දිර ගිනිතියලා ඒවගේ හාමුලා නෝනලා කෙල්ලො කොල්ලො සමූහ ගොවිපලවල කම්කරුවන් ලෙස සේවය කරවන්න ප්ලෑන් කරමින් අපේ බෝඩිම් බලා පිටත් උනා.
ඊලඟ සුමානෙම සූප්පුවා ආවේ නෑ . ඌ ආවේ නෑ කියලා අපිට පාං යෑ. ඒත් ඊලග සඳුදා ඇඩ්මින් ඔෆිසියේ කෙනෙක් ඇවිල්ලා අපි හත් දෙනාහේ නම් අඩගහල කුලතුංග සර් ගේ ඔෆිස් එකට එකොලහ හමාර වෙද්දි එන්න කියන් පණිවිඩය දුන්න.
මතු සම්බන්දයි
කුෂාන්
02/13/19
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com0tag:blogger.com,1999:blog-62324321131589470.post-59465084312330910372019-01-10T21:00:00.000-08:002019-01-10T21:00:03.892-08:00සංගීතේ සංසාරේ
ඩිස්ටි ඩිඩිං රපට රපට...ජිඟල ලඳුම් ජිඟල ලඳුම් ..... බිස්කට් කුඩු බිස්කට් කුඩු... උම්බලකඩ කැකිරි දොදොල්....
බසයට ගොඩ වූ වේලේ පටන්ගත් සංගීතය කෙතරම් කර්ණරසායනික වූ යේද යත් ලෝලෙවල් පාරෙන් හංවැල්ලට පැමිණීමටත් පෙර මට බැසීමට සිත් වූ නමුත් පසුම්බිය හරස්වූ නිසා මෙන්ම මාසයකට පසු ගෙදර බලා යන හෙයින් එම අදහස වෙනස් කර ගත්තෙමි. වෙන කරන්නට පුලුවන් ඇටි කෙහෙලක් නොවූ නිසාත් සරවුන්ඩ් ඩිජිටල් ඩොල්බි ස්ටේරියෝ හයි ෆයි ක්රමයේ ස්පීකර් සැට් එකක් බසයේ වහලයේ , සීට් පල්ලේ මෙන්ම මගීන් ගේ දෙපරැන්ද අස්සේ ද සවි කර ඇති නියාවෙන් මා දෑස යොමු කලේ ඩ්‍රයිවර් අයියාට මදක් පිටුපසින් වන්නට බසයේ වහලයේ එල්ලා තිබූ ටී වී රාජයා දෙසය.....
අවුරුදු කාලෙට සොපිං යන අක්කලා නංගිලා අදින තාලයේ ලෙගින් නොහොත් කකුලට ඇලී ගැලී වෙලී පවතින ජීන්ස් ඇදගත් කොට හැට්ටා වැනි ටී සර්ට් සහ මල්ටිලැක් කලර් කෝඩ් එකට අනුව කොන්ඩය පාට කල සංගීත කණ්ඩායම මා හට සිහි ගැන්වූයේ සංගීත කණ්ඩායමක් නොඑ පොසොන් පෙරහරේ අවසානයට යන රිලා නැටුම් කණ්ඩායම ය. ඒ සමගම
කණ්ඩායමේ නිවේදකයා මයික්‍රපෝනය අතට ගෙන
" ඉතිං අපේ රත්තරං යාලුවෝ ,රත්තරං නැන්දලා අක්කලා මාමලා , අපේ රත්තරං කොල්ලො සෙට් එක, රත්තරං අනුග්‍රාහක භවතුන්, පුංචි අපිට රත්තරං ප්‍රසංගයක් දීලා, අපේ නායක නිහතමානී කීබෝඩ් වාදක ලංකාවේ සුන්දර කලාකරු රත්තරං ------ අයියා එක්ක අපි ඔයාලව"
යනාදී වශයෙන් දහ අතේ වැදවැටෙමින් කල උගේ නිවේදනය මට සිහි කලේ බස් රතයක කෙල්ලෙකුගේ පුක මිරීකීමට ගොස් මාට්ටු වී මගීන් එකතු වී අම්බානකට තලා ලයිට් කණුවක බැඳ දමා සිටි කොලුවගේ පිංසෙණ්ඩු වීමය.
ප්‍රසංගය මෙහෙයවීමට කුලියට ගෙනා ප්‍රවීණ නිවේදක මහතා ඊට හපන්යැ... ඔහුට අනුව ලංකා ඉතිහාසයේ විජය රජතුමා කුවේණිය කසාද බැදි දවසේ දැමූ බජව්වේ සිට, චාලස් ඩයනා කසාදය මෙන්ම හැරී මේගන් විවාහ මගුලේද නිවේදක කටයුතු කර ඇත්තේ ඔහුය, ඒ සියලුම ප්රංසංග අතුරින් අති විශාල සුවිසාල මහා ජන රාශිය ජන ගංඟාව පැමින ඇත්තේ බුලත්වැල්ගොඩ ප්රජාසාලා පිට්ටනියටය. ඒ හාම කැමරාකරු සිය කැමරාව මහා ජන සංනිපාතයට අල්ලයි..... අඩි හයේ සරම අඩියට උස්සා ගත් කන් පාත් වෙන්න කසිප්පු ගැසූ අංකල් කෙනෙක් කාටදෝ පදේ කියා අමතන සෙයක් එකවරම තිරයේ දිස්වන විටම... කැමරාව ෆෝකස් වන්නෙ තරුණ රූමත් කෙල්ලෙක් වෙතටය.... කිරි පණු ගාය සහ කහඹිලියා කිතුල් ඇට සියල්ල එකට ගෑවුන කලක මෙන් කෙල්ල ඇඹරෙයි...
ඉන්පසුව් එලබෙන්නෙ... ජනප්‍රිය කලාකරුවකුගේ වේදිකා සම්ප්‍රාප්තිය ය, ඔහු ගේ ටීකාව අනුව මහගමසේකරයන් අමරදේව මාස්ටර් යනු අත දරුවන් ය. කුඩා කාලයේ ඉංග්‍රීසි බිල්ලෙකුට බය වූ නිසා හෙතෙම නිතරම
" ඒ මයිනර්" " හිවිගෝ" "රස්තාෆාරේ" "රොක් ඇන්ඩ් රෝල්" යනුවෙන් කෑගසයි. ඉතා දුක් මහන්සියෙන් වැලිගොඩ දාන ගෙපල් කපන , පාර අතුගාන පොලව කොටන මෙවන් නිහතමානී ගායකයන් ගැන ටී එම් ජයරත්නයන් සිංදුවක් ද කියා ඇත ඒ
"පොලව කොටන තැන පාර හදන තැන දෙවියෝ වැඩ ඉන්නේ " යනුවෙන් හැදින්වෙන දෙවිවරු කොට්ටාසය මෙවන් අය යැයි මා තරයේ විස්වාස කරමි. ගායකයා සිය ලතෝනිය පටන්ගත් සැනින් වේදිකාවට ගොඩ වන්නේ නර්තන කණ්ඩායම වේ
පාරේ ඝෝෂාව සමග මට ඔවුන්ගේ නම ඇසුනේ.... අහවලී ප්රමුඛ ඇබෝශන්ස් නර්ත්න කණ්ඩායම ලෙසටය... නර්තන් කෙසේ වෙතත් ටයර් සංස්ථාවේ වැඩකරන සෙයක් දිස්වන ඔවුන් නටනාවාට වඩා කරනුයේ පස්චාත් භාගය මිනිසුන්ට හරවා වත්ත වටේට සෙලවීමය... එවා පට්ට නැටුම් යැ , සිංදුවට අනුව කෙල්ල වෙන මිනිහෙක් එක්ක දපලාය... නැටුමට අනුව පෙන්වන්නේ කෙල්ල පන්සල් යන්න මල් කඩන බවත් සද අහසේ පායා ඇති බවත් යැ..
දෙක කොටසින් හමුවෙමු
කුෂාන්
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com2tag:blogger.com,1999:blog-62324321131589470.post-67269408887799916682019-01-10T05:19:00.002-08:002019-01-10T05:19:44.513-08:00"අපි කවුරුද" දන්න අපි කවුරුත් නොදන්න "සේනක බටගොඩ"
"අපි කවුරුද" දන්න අපි කවුරුත් නොදන්න "සේනක බටගොඩ"
මීට ටික කලකට අතිශයින් ජනප්‍රිය වූ වායෝ සංගීත කණ්ඩායම ගායනා කරන "අපි කවුරුද" ගීතයේ සැබෑ හිමිකරු මෙන්ම එහි මුල් ගායකයා ගැන බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. කොටින්ම අන්තර්ජාලයට පමණක් සීමාවූ ලාංකීය සංගීතයේ අති විශිෂ්ට සංගීතරුවකු නොඑසේනම සැගවුණු පුරාවෘත්තයක් බඳු සේනක බටගොඩ ගැනයි මේ සටහන.
සටහනට නිමිත්ත උනේ
" අඩෝ අර අපි කවුරුද කවර් එකක් ගහපු එකා පට්ටයි නේ...මාර වොයිස් එකක් ඒක"
ඇත්තටම උනේ වායෝ ගහපු කවර් එක නැගලා ගියා මිසක්කා සේනක බටගොඩ ගේ ඔර්ජිනල් එක විද්‍යුත් මාධ්‍ය තුල ප්‍රචාරණය නොවීමත් එක්ක , ගොඩ දෙනෙක් වායෝ ස්වතන්ත්‍ර නිර්මාණයක් විදියට මිනිස්සු අතරට ගිය එක. වායෝ සෙට් එකත් මේ ගීත වල මුල් හිමිකරු ගැන සඳහන් නොකරන තරම්.
"Peac" නැමැති සිය සංගීත කණ්ඩායමත් සමඟ Classic Rock ආරට ගීත ගායනා කරන සේනක බටගොඩ , ලාංකික සංගීතයේ ක්ලැරන්ස් ලකුණ ට සමීප තවත්දක්ෂසංගීතවේදියෙක්.
තනු ,සංගීත නිර්මාණයට මෙන්ම ගී පද රචනයටත් විශිෂ්ටතමයකු ක්ලැරන්ස් විජේවර්ධන මහතාගෙන් පසු එම හැකියාව වැඩදායී ලෙස භාවිතා කල එකම පුද්ගලයා මොහු විය හැකිය. බටහිර සංගීතයේ "Bob Segar" මෙන්ම "Elton John" සුපිරි තරු හා සම කටහඬක් ඔහුට හිමිවීම සැබවින්ම විශ්මයජනකය.
එසේම ඔහුගේ ගීත අමු අමුවේ අනුකරණයට ලක්වීමත් , ලාංකීය මාධ්‍ය තුල ඔහුගේ ගීත ප්‍රචාරණය නොවීමත් , ඔහු හට නිසි තැන නොලැබීමත් සැබවින්ම කණගාටුදායකය
අපි කවුරුද.... අනන්තයට යනවාමයි.... සැනසෙන්නම් මා.... නිදි නැති රැය ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයකි
මෙතනින් සවන්දෙන්න
https://youtu.be/K9A_NVKnnFQ
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com0tag:blogger.com,1999:blog-62324321131589470.post-46915225884193785912018-12-09T12:26:00.001-08:002018-12-09T12:26:11.627-08:00
අපේ මුලු ගමම පතල් කරුමාන්තෙත් එක්ක පුදුම විදියට බැඳිලා තිබුනා. ඉස්කෝලෙන් කට්ටි පැනපු තාත්තා පතල් කම්කරුවෙක් විදියට ජීවිතේ පටන් අරන් තියෙන්නෙ වයස අවුරුදු දාහතරෙදි. ලොකු බාප්පා නොම්බර එකේ පතල් බාස් කෙනෙක් , වලක් බහින විදිය දෝනා කපන්න ඕන විදිය පස් කඩන් වැටෙනවාට කරන්න ඕන පිලියම් වගේ එකී මේකී නොකී සියලුම දේ දන්න බාප්පා ගේ ප්‍රායොගික දැනුම ඉස්සරහා ඔය මයිනින් ඉන්ජිනේරු උදවිය පොඩි ලමයි.
ඉතින් , පොඩි කාලෙ සිටන් මම ආවේ සොයන් වගේ අපි දැක්කෙ පතල් කරුමාන්තෙ.කොටින්ම අපි වැස්සකට පස්සෙ මිදුලේ ඇවිදින්නේ බිම බලන්. ඒ උනාට හම්බුන කෙන් ගෙඩියක් නැහැ.
ඒ උනාට, උදේ පාන්කඩ සරම ඇඳන් මැණික් ගරන්න ගිය මනුස්සයා පහුවදාට කිරි ටොය්යා වගේ බොක්ස් මොඩල් ලාන්සර් එකේ, පලාත්සභා පජෙරෝ එකෙ උජාරුවට යන එන විදියත් , නිසි කලමණාකරනයකින් තොරව මුදල් පාවිච්චිය නිසා හය මාසේකින් පස්සෙ අපහු පරන සරමම ඇඳන් පතල් යනවත් අපි දැක්කා.
සමහරු බීලාම නාස්ති උනා. සමහරු අනාචාරයේ ගිහින් අපා ගත උනා. සමහර මැණික් මුදලාලිලා එක රැයට වියදම් කරපු මුදල ඉලක්කම් හයකට එහා ගිය ගානක්.
දෙවනි එලිසබෙත් රැජිනට සන්තෝසෙට නිල් මැණිකක් පරිත්‍යාග කරපු නිමල් පතිරණ මහත්මයා ඒ වගේ ලස්සෙට කොඩි දාපු කෙනෙක්. කොටින්ම චාල්ස් කුමාරය ඩයනා කුමරිට පලන්දපු මගුල් මුදුවෙ මැණික අපේ මේ පුන්චි රටෙන්. ඒ නිසාම වෙන්න ඇති විලියොන් කුමරා කේට් මිඩිල්ටන් විවාහ මන්ගල්ලෙට දහසක් රාජ්‍ය නයුවන් අතරෙ නිමල් පතිරණ මහත්මයා වාඩි වෙලා හිටියේ. නමුත් ඉන් වසරකට දෙකකට පස්සෙ අතේ සත පහක් නැතුව බස් හෝල්ට් එකක සිගන්නෙක් විදියට හිටිය නිමල් පතිරණ මහත්මයා ගේ ශෝකාන්තය මම දුටුවේ අන්තර්ජාලයෙන්.
සමහරු කිව්වා කරුමය කියලා තවත් සමහරු කිවේ අසාධාරණ හම්බු කිරීම කියලා. නමුත් අපට එහි විනිශ්චයකාරවරුන් වීමට සදාචාරාත්මක අයිතියක් නැහැ.
ඔන්න ඔය වගේ බොහොම රසවත් විශයක් තමා ඔය මැණික් , මගේ අත්දැකීම පටන් ගන්නෙ මෙන්න මෙහෙම.
"කුශාන් මල්ලි කොහෙද ඉන්නෙ?"
"ගෙදර අයියේ, "
"එල, මල්ලි කවද්ද එන්නෙ අපහු?"
"අනිද්දා එනව , ඇයි අයියේ ?"
" මල්ලි මේකයි , මට අපලෙකට මුද්දක් දාන්න යන්නෙ,පුලුවන්ද කාක නිල් පොඩි ගල් කෑල්ලක් හොයලා දෙන්න.? ගාන අව්ලක් නැහැ ,නියම කාක නිලක් වෙන්නම ඕන"
"හා මන් බලල හවස් වෙලා කියන්නම් අයියේ"
ඔන්න ඔය පනිවුඩෙන් පස්සෙ සුලු පරිමානයෙන් මැණික් වෙලදාම කරන ගුරුවරයෙක් මාර්ගයෙන් මම ඩයමන්ඩ් කට් එකට කපලා ඔප දාපු කාක නිලක් අරන් අදාල පුද්ගලයට ගොහින් දෙනවා.
"තමුසේ දෙයියෙක් නෙමෙ දේවාලයක් කියලා " උඩ පැනපු මිනිහා ගල පෙන්නල ගෙන්නම් කියල මගෙ අතින් ඉල්ල ගන්නවා. අවිස්වාස කරන්නෙ මොකටෙයි කියලා මාත් දීලා දානවා.
" මල්ලි ගල සුපිරි,ඒත් සයිස් එක මදි බන් කියලා "එදා හවස මනුස්සය මට ගල ආපහු දෙනවා.ඊලඟ සිකුරාදා මන් ගමෙ ගිහින් දෙන්නම් කාසි වලට ගල දුන්න සර් ට ගල ගිහින් දෙන්නෙ සයිස් එක මදි මිසක් ගලේ අව්ලක් නෙමෙයි කියාගෙන.
පෙට්ටියෙන් එලියට ගල අරන් හොදට බලපු එතුමා කිවේ
"ඕයි මේක ප්ලස්ටික් ගලක්නෙ ,තමුසෙගෙ යාලුවා කනෙන් රින්ගලා තමුසෙගෙ කියලා"
මන් එවෙලෙම කෝල් එකක් අරන් ඇහුවට මිනිහා කිවේ එහෙම දෙයක් වෙන්න බැරිය කියලා. කට වහන් පාඩුව පිලිගත්ත මම , ගෙදරට හොරෙන් ඒ කාලෙ මන් ලග තිබුන රෝඩ් මාස්ටර් යතුරුපදියෙ පොත උකස් තියලා ගනුදෙනු බේරුවා.
අට මාසෙකට පස්සෙ ආනමඩුවෙ තිබ්බ මිතුරෙකුගෙ සොයුරියකගෙ විවාහ මංගල උත්සවෙට ඒ අයියා ආවෙ කාක නිලක් දාපු මුද්දක් අතේ දාගෙන.
කුෂාන් 09/12/2018
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com6tag:blogger.com,1999:blog-62324321131589470.post-53699399578935697192018-11-24T07:01:00.003-08:002018-11-24T07:01:30.971-08:00වොසිං මැසිං
එක්සත් ජනපදයට සංක්‍රමණය වෙච්ච මුල් කාලේ මට නවතින්න සිද්ද උනේ අපේ බාසාවෙන් කියනවා නම් බෝඩිමක. 1913 දි හදපු පට්ට පරණ ගෙයක් අලුත්වැඩියා කරලා මනුස්ස වාසයට සුදුසු තැනක් කරල , ගෑස්, හීටර්, අන්තර්ජංජාලේ සේරම එක්ක මාසෙට ඩොලර් දෙසිය පණහයි. දෙමහල් නිවසක් නිසා කාමර අටක් තිබ්බ. සේරම බෙදාහදාගෙන තමයි කටයුතු සිද්ද කරන්න තිබුනෙ.
ගෙදර උන්නෙ ඉන්දියන් කාරයෙක් , චීන කෙල්ලෙක්, කොරියන් කාරයෙක්, ඇමරිකන් කෙල්ලො දෙන්නෙක් සහ කොල්ලො දෙන්නෙක් එක්ක ලංකවෙන් මං. චීන කොරියන් දෙන්නම නම් මං හිටි කාලෙට මට මුණගැහිලා තිබුනෙත් තුන් හතර පාරක් විතරයි. උන් අපි ඉන්න පලාතකට එලියට පේන්න ආවේ නෑ.. අනිත් උදවිය අඩුවැඩි වශයෙන් සාලෙදි , කුස්සියෙදි, එලියේ දුම් පිඹින කෑල්ලෙදි අපිට අනන්තවත් මුලිච්ච් වෙනවා. ඒ කතා බහ සමහර වෙලාවට ඉවර වෙන්නෙ එලිවෙන ජාමෙට. කාටත් කරදරයක් නොකර අනික් සේරම පාඩුවේ හිටියට, ඉන්දියන්කාරයා මෙතන හිටිය ජරාම සතා. කොටින්ම ඌ ස්කයිප් එකෙක්න් ගෙදරට කතා කරන්නෙත් මහ සද්දෙට බෙරිහන්දීලා කුස්සියේ මේසෙ උඩ ලැප් එක හරි ෆෝන් එක තියාගෙන. වටේ පිටේ ඉන්නෙ අනික් උන් කරන්නෙ මොනාද ඌට අදාලම නෑ. වතාවක් ඌ උගේ ගෑනුලමයටද කොහෙද වටපිටාව පෙන්නන් කියලා ෆෝන් එක මෙහෙක් කරන් පාරේ යද්දි ජොගින් ගිය ඇන්ටි කෙනෙක් හිතලා ඇන්ටිගේ සරීර කුඩුව වීඩියෝ කලාය කියලා පොලෝසියෙන් ගෙදරටත් හොයාන ආවා.
බෝඩිමේ සිරිත තමයි කිසියම් දෙයක් පාවිච්චි කලාට පස්සෙ ආපහු සුද්ද කරලා ඊලග කෙනාට පහසු වෙන්න තියන එක. ඒත් මූට ඒක අදාල උනේම නෑ. ඉව්වා නම් ස්ටෝව් එක උඩ කක්ක කරලා වගේ .අනිත් එකා පිහිදාන්න ඕන. සින්ක් එක අස්සෙ මිනිහගේ හැලි වලං පුරවලා.. කොටින්ම දවසට තුන්හතර පාරක් උගේ දොරට තට්ටු කරලා ගේම ඉල්ලන එක අපිට සාමන්‍ය දෙයක් උනා. ඔන්න පොඩි වටපිටාවේ විස්තරයක් කීවේ. මෙන්න මේකයි සිද්දිය.
රෙදි හෝදන්න වෙල්ලන්න පාවිච්චි කරන වොසිං මැසිමත් , ඩ්රයිර්යත් තිබුනෙ බිමමහලෙ. සියලුම ඇමරිකානු ගෙවල් වල පොලව යටට කොටසක් බිම්මහලක් හෙවත් බේස්මන්ට් එකක් තියනවා පරන ලට්ට ලොටට ඒමත් නැත්නම් ජිම් එක, අනම් මනම් තියෙන්නෙ ඕක අස්සෙ තමා. රෙදි හෝදන්න කාල සටහනක් හදලා තිබ්බෙ සති අන්තෙට පෝලිමේ ඉදලා හෝදන්න වේලන්න වෙන නිසාමයි.
රෑ වැඩ මුරයක් ඉවර කරපු මම උදේ පහ හමාරට විතර වැනි වැනී ඇවිල්ල හෝදන රෙදි ටික මැසිම අස්සට ඔබලා , උදේට කාල කෝපි කෝපෙපෙකුත් බීලා රෙදි ටික වේලන යන්ත්‍රයට දාන්න කියලා ගිහින් එකින් එක එලියට ගනිද්දි තමා මට වෙච්ච මොකද්දො අමුත්තක් තේරුනේ..කාන්තාවන් පාවිච්චි කරන සකලංසමාල කීපයක් මගේ රෙදිත් එක්ක ඇඹරිලා පැටලිලා තියනවා. බලන්නෙ හොයන්නෙ නැතුව මාත් රෙදි ටික ඔබලා මැසිම ස්ටාට් කරපු එකේ ගොංකම. ආපහු ඒ ටික මැසිමට දාන්න කියලා හිතනකොටම විදුලියක් කොටනවා වගේ මහා කුප්ප අදහසක් ආවා ඔලුවට.
ඒ වෙද්දි ඉන්දියන්කාරගෙන් වැඩිම හානිය තිබ්බෙ මට. මොකද උගෙයි මගෙයි ආහාර රටා එකක් නිසා. මං ගේන බඩු මුට්ටු අසුරු සැනින් වාස්ප වෙනවා. ඌ වහේ කාමරේ ඇදයට හාල් තුන පහ එලවලු තියා ගන්නද මම. එකී නොකී මෙකී කතා ගොඩක් නිසාම ඌව ඇස් දෙකට පේන්න බැරි තත්ත්වයක් තිබුනේ. දෙන්නම පරයට දොඹෙන් යන්න කියලා සකලංසමාල ටික ආපහු මැසිමට දාල මගේ ඇදුම් ටික පටාර් ගාල තෙත පිටින්ම කාමරේට ගෙන්නල්ල දැම්මා. දැන් මන රෙදි හෝදලා නෑ හරිය.
ඊලග ප්‍රශ්නේ උනේ රෙදි ටිකේ අයිතිකාරී මේ ටික උදේම අරන් යාවිද කියන එක.කෝකටත් කියලා හොරගල් අහුලහෙන ඉද්දි
ගුඩ් මෝර්නින්ග්...හව් ඉස් ගොයින්... කියාහෙන එක සුද්දෙක් එලියට බැස්සා... හෑව් අ ගුඩ් වන් කියාගෙන අනිකත් උගේ පස්සෙන්..
චීන එකී කොරියන් එකාත් ඊට විනාඩි දහයකට පස්සෙ තම තමන්ගේ රථ වලට ගොඩවෙලා නගරය පැත්තට ඇදුනා. ඔන්න ඊලගට මහාවිසාල කලබලේකින් එක සුද්දියක් වෙච්ච මෙලිස්සා මට අතකුත් වනාගෙනම එලියට බැහැලා රැකියාවට ගියා... ඊලගට ඉන්දියන් කාරයාත් පිටමං උනා. සියලුම බලාපොරොත්තු සුන් කරාගෙන අනිත් සුද්දිත් පහලට ආවත් වැඩි වෙලා නොරැදී ඉක්මනටම ලෑස්ති වෙලා යන්න ගියාම තනි අලියා වගේ මම විතරයි ගෙදර ..
මුලින්ම පරන ඒ ටී එම් කාඩ් එකක දොරේ දාරේ අස්සට දාල ඉන්දියන් එකාගේ කාමරේ අගුල පැන්නුවා. ඒ වගේ අපුලක් අප්පිරියා හිතෙන ගන්දස්සාරයක් මට පිටකොටුවේ මහජන වැසිකිලියකින්වත් දැනිලා නෑ. කෑම පිලිනු වෙලා... එලවලු ජාති බිත්තර.. කොටින්ම සිල්ලර කඩේකට බඩු කාමරේ අස්සෙ. විනාඩි කීපයක් යද්දි සකලංසමාල ටික ඉන්දියන් බුවාගේ රෙදි කබඩ් එක අස්සෙ ලස්සනට ඉන්නවා. දොර ලොක් කරලා සියල්ල හරි ගාණට මිම්මට ආපහු සෙට්ව්කරලා මගේ ඇදුම් ටිකත් වේලාගෙන මගේ පාඩුවේ මං බලාගෙන ඉන්නවා.
සිකුරාදා දිනයක් නිසා එකා එකා බොහොම සැහැල්ලුවෙන් ආපහු ඇවිල්ලා පැයක් දෙකක් යද්දී මෙලිස්සා කලබලෙන්... රෙදි ටික නෑලු.
දිග කතාවක් කෙටියෙන් මෙහෙම කියන්නම්
මගේ දොරට ගහලා මගෙනුත් ඇහුවා
"නෑ මං දැක්කෙ නෑ... මම උදේ රෙදි සෝදද්දි ඒවා එතන තිබුනේ නෑ"
"හොදටම විස්වාසයි මට ඕන නම් බලන්න මගේ කාමරේ"
තුරුම්පු දෙකක් මේසෙ උඩට ගහලා දාපු මම බලන්හිටියා
" ඔව් මට සේරගෙම කාමර බලන්න ඕන"
"මේක අසෝබන අසීලාචාර වැඩක්"
ගෙදර අයිති සුද්දා ගෙන්නා ගෙන තවම නොපැමිණි අයහේ කාමර වලින් වැඩේ පටන් ගත්තා.තුන් වෙනි කාමරේ වෙච්ච ඉන්දියන්කාරයගේ කාමරෙන් මෙලිස්ස එලියට ආවේ පුපුරන්න ඔන්න මෙන්න්න්න
මම දැනන්ං හිටියා... ඔය මිනිහා තමයි , බැල්ලිගෙ පුතා... අවලමා යනාදී විදියට ඉංගිරිස් කුනුහරුප විමානයයි. කොටින්ම අයිති එකාත් කියාපි ඌට මාසයක් ඇතුලත යන්න කියනවා කියලා. කතාව එහෙම යද්දි මම තුරුම්පු ආසියත් මේසෙ උඩට ගැහුවා මෙහෙම
" මිනිහා නේද නත්තලට විශ් කරලා වැලදගනිද්දි මෙලිස්සගේ පස්ස මිරිකුවේ??"
රෑ නමයට විතර මට ඇහුනෙ ඉන්දියන්කාරයට මූණට බයින මෙලිස්සගේ කට හඩ
"යූ ෆිල්ති මදර් ෆකර්... පබ්ලික් වැන්කර්.... ක්‍රීපි සන් ඔෆ් අ බියෑච්... ශේම් ඔන් යූ ... ස්නිෆර්... ෆෙටිශ් බස්ටර්ඩ් "
වගේ සුන්දර වදන් වලින් රමේශ් ට දිට්ටධම්ම වේදනීය කර්මය පටිසන් දුන්නා..
සීතල යුද්ද කතා මතු සම්බන්දයි...
කුෂාන්
24/11/2018
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com5tag:blogger.com,1999:blog-62324321131589470.post-54269202075477695842018-10-31T12:16:00.002-07:002018-11-01T01:36:46.857-07:00ගුණාත්මක මෙගා ටෙලියක් නිෂ්පාදනය කිරීම
ගුණාත්මක මෙගා ටෙලියක් නිෂ්පාදනය කිරීම
අමුද්‍රව්‍ය -
- වෛවර්ණ සාරී 10ක්
- කාමර පහලොවක් සහ මැද මිදුලක් සහිත නිවසක්
- නපුරු පෙනුමින් යුතු ආච්චිලා දෙන්නෙක්
- විවිධාකාර මුහුණින් යුතු කාන්තාවන් 6 දෙනෙක්
- නිවටයෙක්
- චන්ඩි දෙන්නෙක්
- සීයලා හතර දෙනෙක්.
- වයසට නොයන පොඩි උන් දෙන්නෙක්
- නයෙක් සහ සිංදු කියන හරකෙක් හෝ නැට්ට දිග රිලවෙක්
මීට අමතරව පූජා වට්ටි පහක් දේව පිංතූර හතරක් සහ කපුරු, දුම්මල , ගිනි කබල්, පලතුරු, මල්මාලා අවශ්‍ය පමණට ගත යුතුය.
උපකරණ ලෙස කැමරා තුනක්, ටියුබ් ලයිට් පහක් සහ ලයිට් අල්ලන්න කොල්ලො හතරක් ද, භයානක සංගීත ඛණ්ඩ කීපයක් ද , තිර රචනය සදහා හාෆ්ශීට් බණ්ඩල පහක් ද සපයා ගන්න.
ඩිරෙක්ටර් වරයෙක් සහ තිර රචකයා වෙනුවට අවමංගල අද්දියක්ශක වරයෙක් සහ ගාමිණි කඩේ ලියන මහත්තයා උවද ගත හැක.
රූගත කිරීම
පලමුව ආච්චිලා හට සාරි අන්දවා ( ඔලුවට සාරි පොට දැමීම අනිවාර්යවේ) අර්සස් අමාරුව තද වූ විටක ඉරියව්ව මුහුණින් මතුවන සේ දර්ශන වාර අටක් ගත යුතුය. (මුහුණ ලංව පෙනෙන සේ හතරක් සහ ඈතට හතරක් වශයෙනි )
එයට භයානක සංගීත කන්ඩයක් දමා පදමට එඩිට් කරගන්න. ඉන්පසුව පූජා වට්ටි සහ දුම්මල ගෙන පූජා විදි කීපයක් ද විවාහ මංගල අවස්තාවක් ද , ගෑණු කෙහෙවලු පටලවා ගන්න දර්ශන තුනක් සහ රණ්ඩු දෙකක් ද අවසන් වශයෙන් රිය අනතුරක් ද වශයෙන් රූප ගත කර අදාල සංගීත සංයෝජනය කිරගන්න.
දැන් ඔබ සාඩම්බර මේගා ටෙලියක අඩිතාලම දමා අවසානය ... අවශ්‍ය පමණට දෙබස් සහ
චරිත එකතු කිරීම සහ අඩු කිරීම මගින් නාට්ටිය ඇදගෙන යාම ඔබ සතුය.
kukascolumnhttp://www.blogger.com/profile/05592276179072897374noreply@blogger.com2tag:blogger.com,1999:blog-62324321131589470.post-14304382464437434742018-10-30T10:05:00.000-07:002018-10-30T10:05:59.454-07:00ටිකට් ඇදෙන හැටි
“ඇත්ත කියපන් .... කොහෙන්ද උබට සල්ලි මේ සෙල්ලම් පිස්තෝලේ ගන්න ? “
“ ටී ර්ටි.. ටී ඊ...... ටිකට් එකක් ඇදුනා “
“ ටිකට් එකක් ඇදුනා ? උබට ? ඇත්ත කියපන් කොහෙන්ද මේ සල්ලි හොරකම් කලේ ?
තාත්තාට හොදටම කේන්ති ගොස් ඇත. ඔහු අස්වසාලීම සහ මා බේරීම සදහා අම්මා කරුණු ඉදිරිපත් කරයි
“ ඇත්තටම ටිකට් එකක් ඇදිලා වෙන්නත් පුළුවන්නේ , අපි හරියටම දන්නේ නැ නේ “
“මුට ටිකට් ? මු හම ගහන්න ඕන පරයාව....එහෙනම් සූදුවට යනවට “
තවත් මරාලයකි. අවසානයේ මා හට සිදුවුයේ තාත්තා ගේ සාක්කුවෙන් රුපියල් පණහක් මාටියා ගැසූ බව පිලිගන්නටය. ඉස්කෝලයේ හයේ පන්තියේ සිටි මා රුපියල් පණහක් සොරකම් කලේ එවකට සිසුන් අතර මේනියාවක් සේ ප්ර්චලිතව තිබු බෝල දමා වෙඩි තියන පිස්තෝලයක් ගන්නටය. කොටින්ම පන්තියේ අනික් හැම එකා ලගම තිබු මගේ ලග නොතිබූ මේ අපුර්ව උපකරණය මට වඩාත් අවශ්යක වුයේ උන්ගේ වෙඩි පහරට මගේ පස්චාත්භාගය ඉලක්කවූ නිසාය . රටක් රාජ්ජයක් දින ගත් සේ බස් නැවතුම් පොලේ සිටි තොරොම්බල් බඩු වෙළෙන්දාගෙන් පිස්තෝලයක් ගෙන සතුරන් සියල්ල වනසා වෙඩි තබා දිග්විජය කර නිවසට පැමිණි මා වැඩේ අනා ගත්තේ නංගිට තුවක්කුව උරුක් කරන්න ගොස් ය ඒ හවස දෙක හමාරට විතරය ..
මහා සමයම සේ පැයක් පමණ හු තියමින් අඩමින් සිටි ඇය සවස පහට යන හා හා හරි හාවා කාටුන් එකත් හිනා වේවි ඉතා ප්‍රී තියෙන් නරබමින් සිටි නමුත් හතට පමණ තාත්තා ගේට ගොඩවන විටම , මහා හයියෙන් විලාප ගසමින් ඒ ඉදිරිපත් කල රඟපෑම් විලාසය ඔස්කාර් නිලියක් නම් පරදන බව අදටත් මගේ විස්වාසය වේ . එයින් කුපිත වූ ම පියා විසින් පේර කෝටුවක් කැඩෙන තුරු දුන් දඩුවම මම ඉතා ආයාසයෙන් ඉවසූවේය.
“ මිනිහෙක් උනාම හොරකන් කරන්න , ණය වෙන්න , දෙකම පුරුදු වෙන්න හොද නෑ, තමන්ට නැත්නම් නැති විදියට ජිවත් වෙන්න ඕන , ලෝකේ අනික් මිනිස්සු කරන සේරම අපිට කරන්න පුලුවන්ද ? සෝබන වැඩ වලට , සර්වපිත්තල දේවල් වලට මිනිස්සු වහ වැටිලා , ඉගන ගනින් සතේ රුපියලට වියදන් කරන්න, ස්ථාවරයක් හද ගත්ටට පස්සේ , උබට දවසක් එයි හිතේ හැටියට වියදන් කරන්න එදාට ඕන දෙයක් කරගනින්.
යනුවෙන් එදා දුන් උපදෙස් මා හට වඩාත් හොදින් තේරුම් ගියේ ම රැකියාවක් කර හරි හම්බ කරන්නට ගත් පසුවය.
මේ සිදුවිම ගිය පාර ලංකාවෙන් පිටත් වෙලා යන්න ගුවන්තොටුපලට එන ගමනේදී මම තාත්තට මතක් කලාම හිනා වෙලා ඔලුව හොල්ලපු තාත්තා කිවේ
“ එදා උබට ගහල බැනල හදා ගත්තේ නැත්නම් ටිකට් එක ඇදෙන්නේ මට “Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-62324321131589470.post-54373549744016673912018-10-30T09:59:00.000-07:002018-10-30T11:31:45.929-07:00 ඩේවිඩ්
ඩේවිඩ් පහුගිය තුන් මාසේ තිස්සෙම සෑහෙන ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා... රස්සාව නැති වෙලා, ණය වාරික, ලීසිං, ගෙවල් කුලී,ළමයි දෙන්නගෙ වියදම්, බිරින්දා ගේ නඩත්තුව එකි මෙකී නොකී සේරමත් එක්ක අතට සතපහක ආදායමක් නැතුව සෑහෙන්ට මානසික පීඩනයකින් හිටි ඩේවිඩ් අන්තිමේ තීරණය කලා සියදිවි නසා ගන්න. නගරේ තිබ්බ උසම බිල්ඩිමේ උඩම තට්ටුවට නැගලා ලියුමකුත් ලියලා පනින්න පහලට එබෙනකොටම මෙන්න යකෝ අත පය හතරම නැති ආබාධිත මනුස්සයෙක් බිල්ඩ්ම පහල මිදුලේ එකසිය ගානට නටනවා... මිනිස්සු වටවෙලා සල්ලි විසි කරනවා... අත්පොඩි ගහනවා...
"යකෝ අත පය සේරම නැති එකා එච්චර ආතල් එකේ ඉද්දි මන් අහවල් කෙලියටද මැරෙන්නෙ"
දඩි බිඩි ගාලා පහලට බැහැලා නටන කොරා ලගට ගිය ඩේවිඩ් මෙහෙම ඇහුවා
" අත පය සේරම තිබිලත් මට ජීවිතේ එපා වෙලා මැරෙන්න ගියා..... සේරම නැතුව ඔබතුමා කොහොමද මෙහෙම සන්තෝසෙන් ජීවත් වෙන්නෙ?"
" කුනුහරුප කතා කරන්න එපා මහත්තය .... මම මේ පුක කහගන්න විදියක් නැතුව දගලනවා... තමුසේ එනවා $*@* ,කතා කරන්න"
එකිනෙකාගේ ප්‍රශ්න එකිනෙකට වෙනස් ය. මතුපිටින් බලා නිගමනය නොකරන්න.
පරණ කතාවක් මගේ ඉස්ටයිල් එකෙනි.Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-62324321131589470.post-54856054098930201592018-10-30T09:57:00.001-07:002018-10-30T09:57:34.870-07:00නාකිච්චී
" වෛද්‍ය කපිල කුමාර මහතා මුණගැසීමට පැමිණි රෝගීන් කරුණාකර කාමර අංක විසි හත වෙත පැමිණෙන්න"
යනුවෙන් තාලයකට කියැවූ නිවේදනය මා හට ඇසුනේ අගනුවරට නුදුරු පුද්ගලික රෝහලක එක්ස් රේ කාමරය ඉදිරිපිට වාඩි වී සිටියදීය. ශ්‍රී ලංකාව ක්ෂය රෝගය(tuberculosis)නිවාරණය කරන ලද රටක් වූවත් සමහර යුරෝපීය රටවල් තුලට ඇතුලු වීමෙදී වෛද්‍ය වාර්තාවක් මගින් හෝ ගුවන්තොටුපොල තුල සිදුකරන වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම මගින් ක්ෂය රෝගයෙන් තොර වූවකු බව පෙන්වීම අනිවාර්යය කටයුත්තකි. ඒ අතින් බලන කල ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවය සුවිසල් මෙහෙයක් ඉටු කර ඇත. ඔලුව උදුම්මවාගත් ඉන්දියානුවන් , පාකිස්තානු මෙන්ම සට කපට බංගලියන් මෙන්ම අප්‍රිකානුවන් වෛද්‍ය පරීකශනය සදහා පෝලිම් ගස්සවා ගෙනයන අයුරු දකින විට උන්ට පෙනෙන්නට නිදහසේ ඇවිදයාමම ඉතාම ප්‍රීති ජනක කටයුත්තකි.
විසි හතේ කාමරය මා ඉදිරි පසින් වූ බැවින් ඒ වෙත පැමිණෙන රෝගීන් සහ පවුල් වල උදවිය කෙරෙහි ඇස් කන් යොමා සිටි මට දකින්නට ලැබුනේ ඉතාමත් ආදරණීය දසුනකි. වයස අවුරුදු අනූවක් පමණ වු අම්මා කෙනෙකු මැදි කර ගත් මැදිවියෙහි වූ මහත්මයෙකුත් ඉතා ලාබාල පෙනුමැති ඔහුගේ බිරිද බවට සිතිය හැකි කාන්තාවකුත් කුඩා දරුවන් දෙදෙනෙක් සමගින් ඉතාම පරිස්සමට සිය මව දෑතින් අල්ලා සෙමින් සෙමින් පැමිණ රෝගීන් සදහා වූ කොටසේ වූ අසුනක වාඩි කරවීය.
බැලූ බැල්මට විධායක ශේණියේ මහත්මයකු වූ පිරිමි පුද්ගලයා සිය මව කෙරෙහි දැඩි ආදරයකින් මෙන්ම කැපවීමකින් යුතු දරුවෙක් බවත් , පුහු සමාජ ආටෝපයට නොව අවංක මාතෲ ස්නේහනයක් ඔහු ඇති බවක් පෙනෙන්නට තිබු නමුත් එම දසුනෙහි කිසියම් අමුත්තක් නොදැනුනාද නොවේ. අලේපන තට්ටුවට යට වූ ඔහුගේ බිරින්දා ගේ මුහුනෙහි කිසිදු හැගීමක් පල නොවූ නමුත් , ඇය සියල්ලන්ගේම අවධානය යොමුවෙන පරිදි කටයුතු කරන බවක් නම් පෙනෙන්නට තිබුනි.
මේ අතර වැඩිමහල් දරුවා සිය පියාගේ ජංගම දුරකතනය තුලට දැහැන් ගත වී සිටි අතර,අවුරුදු හයක් හෝ හතක් වූ බාලයා ඔබ මොබ දුව පනිමින් සිට එක් වරම සිය කිරි අම්මා සමීපයට ගොස්
"නාකිච්චී..... "
" නාකිච්චි. මුසලේ... මුසලේ... ඉක්මලට මැලියන් තෝ"
යනුවෙන් මහ හඩින් පැවසීමත් සමග මහත්තයා දැඩි අපහසුතාවකට පත් වූ නමුත් ...නෝනා කිසිවක් සිදු නොවු ලෙසට සිය දුරකථන තුලටම නෙත් යොමා සිටියේ කට කොණක තිබූ සිනහවක්ද සමගිනි. පොඩි එකා ගේ කට අති වසා ගත් මහත්මයා එසැනින් වාත වේගයෙන් කොරිඩෝරය දිගේ නොපෙනී ගියේ අත පය වාරු නැති අම්මාවද එතැන තනිකරමිනි.
මතු දිනෙක එම දෙපලට මීට සමාන හෝ වඩාත් දරුණු අත්දැකීමක් ඔවුන්ගේ දරුවන් විසින්ම උරුම කරදෙන බව නියතයක් නමුදු ... සමස්ත සමාජයක් වශයෙන් අප ගමන් කරමින් සිටිනා දිශාව පිලිබදව මා හට ඉමහත් සංවේගයක් ඇති වුනි.Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-62324321131589470.post-80339635910097484072018-10-30T09:56:00.000-07:002018-10-30T09:56:26.730-07:00පෙට්‍රල් බීම
මේ කියන වකවානුව 2008 අවුරුද්ද. අපි බෝඩිම් ජීවිතේ පටං ගත් අලුත. බාගෙට හදලා පාලුවට ගිය ගේ වගේම බෝඩිමේ අංකලයත් අමුතුම මනුස්සයෙක් ,කොටින්ම නොම්මර එකේ ගොවියෙක් . බිම තියන බලු බෙට්ටත් කවදහරි ඕන වෙනවනේ කියලා මඩුවක දාල අරං තියන ජාතියේ මනුස්සයා. ඒ නිසාම බෝයිං 777 වර්ගයේ යානා දෙකක් කිසි කරදරයක් නැතුව එකලස් කරන්න පුලුවන් තරමට අටෝ රාසියක් උපකරණ ගේ අස්සේ ගොඩ ගහලා... අංකල් නාන්නෙත් අරපිරිමැස්මෙන් , වතුර බටේ ගහලා මිදුල පුරා ඇවිද ඇවිද නානවා... සබන් ගාලා ආයෙත් ඒ විදියටම ඇවිදිනවා වත්ත පුරා. ඇත්තටම ක්‍රමේ හරි. අපි ඕක කරන්න ගියොත් එක්කො අල්ලපු ගෙවල් වල උන් පොලිසියට ටෙලිෆොන් කරයි ,නැත්නම් ගස් බැදලා දෙකක් තඩි ගහයි.
ඔහොම කාලේ ගෙවිලා යද්දි අංකල් අපිට දුන්නා පරන හොන්ඩා ජෙනරේටරයක්
"පුලුවන් නම් නිකං ඉන්න වෙලේක ඕක හදලා දෙන්න,ලයිට් ගියාම පාවිච්චියට ගන්න පුලුවන් නේ"
" හා අංකල්, " කියලා අපිත් වැඩේ ට අත ගැහුවා. අපිට ඒ දවස් වල ඉදන්ම රොකට් එකක් උනත් කෑලි වලට ගලවන එක සිම්පල්. ඒත් හයි කරන්න අමාරුයි , හයි කලත් කෑලි ඉතුරු වෙනවා...ඉතින් මේ ආකරයට ජෙනිය අටවලා වැඩේ සාර්ථක විදියට ගොඩ දාල , ඉතුරු වෙච්ච පෙට්‍රල් බෝතලෙත් මේසයක් උඩින් තිබ්බා.
ඔය දවස් වල එකෙක් අපෙ මයිනා වගේ දණහිස ලගට එනකන් දිග බූට් එකක් කාල හිටියේ.. කොටින්ම එලෝ මෙලෝ සිහියක් තිබුනෙම නෑ ඌට. ඔහොම යන අතරේ රෑ එකොලහට විතර බෝඩිමට වැනි වැනි ආපූ මේකා ,අපි බලන් ඉද්දිම පෙට්‍රල් බෝතලේ අතට අරන් ,
"මම මැරෙනවා යකෝ"
" ඕක බීලා ගිනි පෙට්ටියක් කාපං"
"බීලා බයිසිකලේකට $ජ්ජ කරපං "
වගේ අපි ආඩපාලි කියද්දි මූ බිවවා නේද ගුඩුස් ගුඩුස් ග්ලබ්,ග්ලබ් ගාලා...
මුලදි විහිලුවට කියලා හිතුනත් සෙම දාගෙන කෙල පෙරාගෙන මූ බිම පෙරලෙද්දි අපිට හීං දාඩිය දැන්ම ,
"මොකද්ද බල්ලො මේ කරේ?"
"අමාරුද තොට" "
"උබට අමාරුද මචං "
"කතා කරපං මංච"
"චීත්තෙකට පණ නහගන්න මෝඩ $කයා"
වගේ අපි ඌව වත්තං කරං මේසෙ උඩ දිගා කරද්දි අල්ලපු කාමරේ එකා බාගෙට දොර ඇරලා
"ආ පෙට්‍රල් බීලා " කියලා අපෙන් අහලා දොරත් වහලා ලයිට් නිමලා ඇදට ගියා
ඔව් ...ඒ වගේ චරිත ඉන්නවා බෝඩිම් අස්සේ..
අපි දෙන්නෙක් වාහනයක් හොයන්න පාරට දිව්වා... වෙලාවට ආව ත්‍රීවිල් එක හරවගෙන ඌව පහලට ගෙනත් පටවන්න හදද්දිම
" මොනා වෙලාද මල්ලි අඩප්පරේ හැදිලා ද( මී මැස්මොරය)??"
" නෑ අයියේ පෙට්‍රල් බීලා"
" අඩෝ පටවන්න එපා ඕකා වාහනෙට, පොලිසි උසාවි ගානේ චාටර් වෙන්න බෑ මේවට " තප්පරයෙන් මිනිහා ආපහු ගියා, ආපහු පාරට දුවපු අපිට පිහිටට ආවේ අපි බත් ගන්න ගෙදර ඇන්ටී... ලග ගෙදරකින් ත්‍රීරෝද රථයක් අපිට දීලා තමන්ගේ මහත්තය ගේ මෝටර් බයිසිකලේත් අපිට දුන්නා .
ඌව ත්‍රීවිල් එකෙ දාගෙන මුලින්ම කොස්වත්තෙ ඉස්පිරිතාලෙ ට ගියත් එතනින් ජාතික රෝහලට යවල තිබුනා.. අපිත් ඒ පස්සෙන් ගියා. පරීක්ෂා කරපු දොස්තර මහත්මයා ඌට අමාරු නෑ කියලා කීවට පස්සේයි අපේ ඇගට ලේ ටිකක් ඉනුවේ. ඒ වගේම තරුණ දොස්තර මහත්තය ලස්සන දඩුවමකුත් ඌට දීලා තිබුනා
ඉගන ගන්න වෛද්‍ය සිසුන්ට කියලා මේ පෙට්‍රල් බීපු ලෙඩෙක් මෙයාගෙන් ඒ බීවම ඇතිවන ලක්ෂන ගැන ප්‍රශ්න කරන්න කියලා .... ඒ පිරිස අස්සේ බීපු එකාගේ නංගිත් ඉදලා... ඒ වගේම පොලිසියට සතියකට පාරක් ඉරිදාට ගිහින් අත්සන් කරන්නත් උනා..
ඒත් කතාවේ හොදම ටික උනේ, අපි ඌව ගොනාට අන්දලා පෙට්‍රල් පොවලා කියලා උගේ ප්‍රේමවන්තිය සේරම වරද අපේ ඇගට එවපු එක සහ බීපු මිනිහා ඒ සේරටම කට වහං හිටිය එක. ඔන්න ඕකයි පවුල් අවුල් වලට මැදිහත් වෙන උන්ගේ සදාතනික ඉරණම.Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-62324321131589470.post-10543597996347453772018-10-30T09:55:00.000-07:002018-10-30T09:55:02.441-07:00මට බෑ ඔව්වා
උසස් පෙල ලියලා ප්‍රතිඵල එනකන් ගෙදරට වෙලා ඉන්න කාලේ තියනවා නේද ? ආන්න ඒ කාලේට බස් එකෙදි හම්බුනත් , පාරෙදි හම්බවුනත් , ලොතරැයි කූඩුවෙදි, කඩ පිලේදි, කක්කුස්සියෙදි කොටින්ම ගෙදරට කෝල් කරන උන් අහන්නෙත්
"පුතා මොකුත් කෝස් එකක් කරන්නෙ නැද්ද? "
"නරකද ඉංග්‍රීසි පන්තියකටවත් ගියොත්"
කොටින්ම පාරේ ඉන්න හරක් බල්ලො විතරක් නෙමෙයිි මරණ දැන්වීම් වල ඉන්න මිනිසුන්ට තිබුනෙම අපිට ඉංග්‍රීසි උගන්නන ඒකායන පරමාර්ථය. අපි කොහොමත් ඒ වෙද්දි "ස්ටෑන් කෝස්" එකයි "ටවුන් ආරච්චි " රාජකාරියයි බාරගෙන තිබුනේ. ඔය අතරේ කොලඹ ඉදන් එන ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරයෙක් ගේ පංතියක් ලබන සුමානේ පටන්ගන්න බවට ආරංචියත් වාත වේගයෙන් පැතිරිලා ගියා.
කොලඹ ඉදන් එනවානම් ඉංග්‍රිරිස් උගන්නන අරාබි කාරයෙක් උනත් කමක් නෑ අපි එක පයින් එතන.
සුසිල් නානයක්කාර තමයි ගුරුතුමා.
ආරම්භක දවසේ උදෙන්ම ගිහින් අන්තිම පේලිය අල්ලලා වාඩි වෙලා හිටියා. උදේ අට හමාර වෙනකොට ලමයි තුන් හාර සීයක්වගේ සාලාව ඇතුලේ... සර් ආපු ගමන් අන්තිම පේලි පහේ උන් නැගිට්ටවලා මැද තිබුන හිස් පේලි ටිකකින් වාඩි කෙරෙව්වා. ඔහොම පංතිය කරගෙන යද්දි පැයකට එක හමාරකට පස්සේ අපිට ඉස්සරහා පේලියේ එකෙක් එහෙට මෙහෙට ඇබරෙනවා, දගලනවා, ඩෙස් එකේ ඔලුව තියන් ඉන්නවා... බලපුවාම මිනිහාට සිංදුවක් කියන්න හොදටම උවමනාව. ලමයි ගොඩක් මැද්දේ නැගිටලා යන්න තියන ලැජ්ජාවට පුරුස දහිරිය හිතට අරන් ඉන්නවා. ඒත් එක පාරටම ඉවසීමේ සියලු සීමා මායිම් සුනු විසුනු වෙලා ගිහින් මිනිහා නැගිටලා පේලියෙන් එලියට අඩියක් තිබ්බා විතරයි මට එහා පැත්තේ හිටපු එකා කාටත් නොපෙනෙන්න මහ හයියෙන්
" මේවා ඉංග්‍රීසිද ? මට බෑ මේවා අහන් ඉන්න , මන් යනවා යන්න " කියලා කියපි.
බෝඩ් එකෙ වාක්‍ය ලියමින් හිටි සර් යකා වගේ හැරිලා බලද්දි අරූ හිටගෙන. සර් කියපි
" අහන් ඉන්න බෑ? කන පලාගන්නෙ නැතුව ඉදගනින් ගිහිං "
පැයක් විතර යනකන් ලමයින්ගේ හිනාව නවත්තගන්න සෑහෙන්න මහන්සි වෙන්න උනා සර් ට.Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-62324321131589470.post-52407761089922918122018-10-30T09:53:00.000-07:002018-10-30T10:01:12.111-07:00හදුන්කූරු
"මහත්තය හදුන්කූරු එකක් ගන්න මහත්තයා.... පොඩි සහයෝගයක් දෙන්න මහත්ත"
"කීයද ?"
"පැකට දෙකයි පාන්තිර පැකට් දෙකයි සීයයි මහත්තයා"
"ඔව්වගේ හදුන්කූරූ නෑනේ...? "
"අනේ මහත්තය අම්මා හදන්නෙ මම රාගම. අපිට උදව්වක් කරන්න"
අනේ මහත්තයා ඉස්කෝලේ යන්න මහත්තය , අපි රාගම රේල් රිසිවේසමේ ඉන්නෙ මහත්තය.....
ගම්පහ පරන බස් නැවතුම තිබ්බ තැන තියන රථ ගාලේ වාහනය නවත්තලා බහින්න හදනකොටම මතු වෙච්ච නාවර පෙරාගත්ත කොලුවා එෆ් එම් එකක් වගේ කියෝනවා... හදුන්කූරූ එපා කියලා රුපියල් සීයකුත් දීලා මම මගේ වැඩේට ගියා.
රෑ හතට විතර සේරම වැඩ ටික ඉවර කරං මම ඔන්න එනවා ඔරුතොට පාර දිගේ බැලුම්මහර පැත්තට. ඔය පාරේ තියන සරීර සුවතා (තප්පදෝරූ දිග කලිසං මංතීරුව) මංතීරුව හරියට එද්දි ආපු දුරකතන ඇමතුමකට උත්තර දෙන්න මම වාහනේ නතර කරාම .උදේ හදුන්කූරු වික්ක කොලුවා ඉන්නවා . යකඩ මාල තිස් පහක් විතර කරේ දාගත්ත ,ඩිමෝ බට්ටෙක් ගෙන් ආව සකලවිධ අපතයෙක් එක්ක. එතන ඉදන් මට ඇහුන දෙබස මේ...
" කණ පොඩිවෙන්න ගහන්නෙ... වේසිගේ පුතාට... කෝ යකෝ පෙට්ටි තුනක සල්ලි.... මෙහෙවර පරයා තොගේ සාක්කුව බලන්න"
සිල්වර් හිපාටුවා තමන්ට වඩා අවුරුදු විසි පහක් විතර බාල තමන්ගේ මුණුබුරකු තරමේ පොඩි එකාට ගැම්මෙන් සයිස් එක දානවා.. තාම ගෙන්දගම් පොලවේ අංකුරයක් වෙච්ච පොඩි එකාත් අතාරින්නෙ නෑ ...
"යකෝ මන් බත් එකක් කෑව.... තෝ කන්න දුන්නද අද...?"
හෙට ඉදන් තෝ එන්ඩ එපා... තොගේ මහ එකීට කියපන් දීපු බඩුටිකෙන් හදුන්කූරු ටික හදලා එවන්න කියලා...දැන් නැගපං ලොරියට...
බට්ට ලොරියේ තට්ටුවේ තවත් ඒ වහේම හදුන්කූරු විකුනන පොඩි උන් හතර දෙනෙක් හිටියා.... අන්තිමට තවත් මොනවදෝ කියපු තගයත් බට්ට ලොරිය ස්ටාර්ට් කරන් ගම්පහ පැත්තට ඉගිලුනා... මම බැලුම්මහර පැත්තට එන්න ගත්තා.
මග තොටේ අපි කාටත් මුණ ගැහුන මේ චරිත වල අපේ අනුකම්පාව කියන කඩතුරාවෙන් ඔවුන් වසා ගන්න නිරුවතක් තියනවා...
පොඩි කාලේ ඉදන්ම මෙවන් පරිසරයක උස් මහත් වෙන ඊනියා වහල් ශ්‍රමිකයන් ඊලගට සමාජ විරෝදී ආකල්ප දරන කුඩු කාරයන් , අපරාධකරුවන් කියන කොටස් වලට වැටිලා අපි අතරෙම ජීවත් වෙනවා..
අපි අනුකම්පාව, පිං සිතුවිලි නිසා ඔවුන් පෝෂණය කරනවා...ඔබට මෙවනු දරුවකු හෝ කාන්තාවක මුණගැසුණේ නම්... ඔවුනට කෑමට බත් පතක් , බීම බෝතලයක් හෝ කෙටි කෑමක් රැගෙන දෙන්න මන්ද යත් මුදල් දී ඔවුන්ගෙන් භාණ්ඩ මිලදී ගනිමින් අප දිරිමත් කරනුයේ ඊලග පරම්පරාවේ විනය විරෝදී සමාජ විරෝදී පුද්ගලයන් බැවිනි.
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-62324321131589470.post-87730459403724773562018-10-30T09:51:00.000-07:002018-10-30T09:51:34.815-07:00අයිස්ක්‍රීම්
"මාමේ අයිස් කෝන් එකක් කීයද ?"
" ලොකු එක දායයි පොඩි එකක් පායි"
"ලොකු එකට හැදි කීයක් දානවද ?"
" දාන්න පුලුවන් ගාන තමයි ලමයෝ දාන්නේ අයිස් ගොට්ටට අල්ලන ගාන දානවා"
අවුරුදු විස්සකට කලින් අපේ ගම් පලාතේ ළමයින්ට වැඩිහිටියන්ට අයිස්ක්‍රීම් කියන්නෙ සුඛෝපභෝගී කෑමක්.කොටින්ම සතියකට පාරක් " පෝංං පොප් " නලාව ගහගෙන බයිසිකලේ පිටිපස්සේ ෆෝම් පෙට්ටියක් අස්සේ අයිස්ක්‍රීම් දාගෙන ඉස්සරහා කූඩේ අයිස් කෝන් දාගෙන ගමක් ගානේ එන "අයිස්ක්‍රීම් කාරයා" ඒ කාලේ ලමයින්ට තරුණ වැඩිහිටි අයට ඇසට ප්‍රිය උපදවන දසුනක්. "අයිස්ක්‍රීම් කාරයා" කිව්වෙ හිත පුරා තිබුන ලෙංගතු හැගීමකින් මිසක් කවදාවත් පහත් කරලා කතා කරන අදහසකින් නෙමෙයි. ඒත් අපේ කිරි අම්මා නම් නලාවේ සද්දේ ඇහෙනකොට බනින්න ගන්නවා
"ඕන්න අදත් එනවා පොඩි උන්ට හෙම්බිරිස්සාව හදවන්න..... අම්මපා... කන්න එපා යකුනේ ඔය දහජරාව..."
"ළමයින්ගේ ආසාවනේ අම්මේ කියලා අපේ පැත්තට කතා කරන අම්මා පුංචි අම්මලාත් අපේ පහනෙන් එලිය බලල අයිස්ක්‍රීම් කෝන් එකක් අරන් ඕපදූපයක් කියෝගෙන හෙමීට කනවා( තරුණ කාලෙට ආපහු හිතින් යනවා කියලයි මට හැමදාම හිතුනේ)... හැබයි ඒ කාලේ පොඩි සල්ලි අතුරුදහන් කිරීමේ සුවිශේෂ හැකියාවක් තිබුනා අපට.
ඊලගට මාසෙකට වතාවක් ඩග ඩග ඩග සද්දෙට ටියුබ් ලයිට් හතරවටේට හයි කරපු අයිස්ක්‍රීම් ලොරිය. "වුඩ්ලන්ඩ්ස්" "ඇලරික්ස්" "එලිෆන්ට් හවුස්" නම් රටා රූප පිංතාරු කරපු අයිස්ක්‍රීම් ලොරියේ පිටිපස්සෙ ඉන්න මනුස්සයා නම් කවදාවත් හිනා නොවුන, අයිස්ක්‍රීම් කන පොඩි ලමයි එක්ක තරහකින් හිටිය කෙනෙක් කියලා මට හොදට මතකයි. ඔය අස්සට තොරණ් පොලට, හවුස් මීට් එකට, පෙරහැර බලන්න ගියාම අයිස්ක්‍රීම් කෑමේ භාග්‍ය උදා වෙනවා...
මුලින්ම තියන දෙබස ඇතිඋනේ මං සරුංගෝල අරින්න ගිහින් ඒක ගහක පටලගෙන ආපහු එන ගමනදී , ගෙදර සහ අපි සරුංගෝල යවන්න යන කුඹුර අතර පාලු ගුරු පාරේදී. වෙන කවුරුවත් හිටියේ නෑ වටපිටාවේ.
" මට දහයේ එකක් දෙන්න"
අයිස්ක්‍රීම් මාමා බයිසිකලෙන් බහින්නේ නැතුව එක කකුලක් බිමින් තියාගෙන, පස්සට හැරිලා සෘජුෆෝම් පෙට්ටියේ පියන ඇරලා අමුතු හැන්දෙන්නෙ ලොකූ කෝන් එකට " ක්ලප්" "ක්ලප්" සද්දෙට හැදි තුනක් දාලා මට කෝන් එක දුන්නා.
කෝන් එක අතට ගත්ත පමාවට එතනින් පහලට තිබුන හබරල ගාල අස්සට පැනලා ගග අයිනට එන්න මට ගියේ තවත් තත්පට පහක් විතර. මගේ අතේ සතයක් සල්ලි තිබුනේ නෑ ලොක්කා වගේ අයිස්ක්‍රීම් ඉල්ලුවට.
"ඔහෙ හිටු මූසල කොල්ලා "වගේ එකකුත් ලාවට ඇහුණා, ඒ මනුස්සයා ට බැහලා පස්සෙන් එලවන්නත් බෑ. කොහොමින් හරි සේරම මග ඇරලා ගෙදරට ඇවිල්ලා ඉන්නකොට හවස ගෙදර ආපු තාත්තා කීව දෙයින් මන් උඩගියා.
"ආ අර අයිස්ක්‍රීම් එකේ සල්ලි දුන්නා ඒ මනුස්සයා ට මම., අදට කමක් නෑ මීට පස්සේ පුරුද්දකට ඔහොම කරන්න එපා හරිද ?"
"හෑ හා තාත්තේ." ගොත ගහලා යන්තම් උත්තරේ දීලා ඒ කතාව එතනින් ඉවර උනාට
වැරදි වැඩක් කරපු ළමයෙක් ව එක විනාඩියකින් මුලු ජීවිතේටම අමතක නොවන පාඩමක් උගන්නලා , ඒ වරද කිසිම දාක නොකරන්නට පාඩමක් උගනන්න ඉස්කෝලේ නොගිය ලියන්න කියවන්න දන්නෙ නැති "අයිස්ක්‍රීම් කාරයෙක්ට" ගිහින් තිබුනේ වචන බොහොම පොඩ්ඩයි
" මහත්තයා ... පුතා ආසාවෙන් අයිස්ක්‍රීම් එකක් ඉල්ලුවා සල්ලි තිබුනේ නෑ අතේ.... මන් එකක් දුන්නා ඉතිං"
අද සමාජයේ ස්යිකොලොජි, මානව උපදේශනය, පෞරුෂත්ව වර්ධනය , කවුන්සිලින් වගේ බෝඩ් ලෑලී පිටිපස්සේ ඉන්න පුස්සන්ට වඩා අයිස්ක්‍රීම් කාරයාගේ සමාජ දැක්ම අදටත් මට පුදුමයක්.
සමාජයට වෛර කරන සියලුම මිනිසුන් බිහිවන්නේ සහ බිහි කිරීමේ පදනම ඊට අවැසි අනුබලය සපයන්නා වන්නේද අප ජීවත් වන සමාජයම වේ.
එවන් අයිස්ක්‍රීම් කාරයන් වැඩි වැඩියෙන් උවමනා කර තිබෙන කාලය පැමිණ ඇත.Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-62324321131589470.post-23593742258323965912018-10-30T09:49:00.003-07:002018-10-30T10:01:43.298-07:00අපේ ජීවිත
පුතේ,, මේ කොස් ඇට ටිකක් තලලා දෙන්න.. අම්මා කියද්දි මුඩ්ඩ තියෙන පොල් ගෙඩියකුත් අර ගෙන අම්මා ලගින් වාඩි වෙන්නේ කොස් ඇට තලන්නම නෙමෙයි.. අම්මා කොස් සුද්ද කරන වෙලාවට අමුවෙන් කොස් මදුලු ටිකක් කන්න තියෙන ආසාවට.. පොල් ගෙඩියෙ මුඩ්ඩ පැත්තෙන් අල්ලා ගෙන කොස් ඇට වලට තඩි බාන කොට වැඩි හරියක් කොස් ඇට විසි වෙලා යනවා. හෙමිහිට ලමයෝ ඔහොම හය්යෙන් තලන්න එපා කියලා අම්මා කොස් ඇට ටිකක් තලලා දෙන්න් පොල් ගෙඩිය අතට ගත්තහම කරන්නේ අමුවෙන් කොස් මදුලු කන එක.. ඒ ගමන අමුවෙන් කොස් කන්න ගත්තද. අම්මා කියන්නේ නුරුස්සන විදියට.. කන්න එපා අමුවෙන් කොස් කන්න හොද නෑ.. බඩේ අමාරුව හැදෙයි.. අම්මා එහෙම කිව්වට අමුවෙන් කොස් කන එකට අම්මා තදින්ම විරුද්ද උනේ නෑ..
ඒ දවස් වල කොස් කාලේට දවස් දෙක තුනකට සැරයක් හැමදාම අපේ ගෙදර ලිපේ කොස් ඉදුනා.. කොස් ගෙඩිය කඩා ගෙන එන්නේ තාත්තා.. ඒ වගේම ඒක පොරෙවෙන් හතරට පලලා තීරු කරලා දෙන්නෙත් එයාම තමයි.. කොස් ඇට කැපෙන්නේ නැතුව ඒ වැඩේ කරලා දෙන්න තාත්තට තිබුනේ පුදුම පලපුරුද්දක්.. කොච්චර ආස උනත් මට ඒක කවදාවත් කරන්න බැරි උනා.. අය්යයි අක්කයි මමයි අම්මයි එකතු වෙලා එකට ඉදගෙන කොස් සුද්ද කරන්නේ ඊට පස්සේ.. එහෙමෙ පවුලේ හැමෝම එකතු වෙලා හදන කොස් මාලුව රෑට වැඩිය රස උදේට කනකොට.. ඒ කාලේ ඇත්තටම හරිම සුන්දරයි..
ඒත් දැන් හැමදේම වෙනස් වෙලා.. අය්යයි අක්කයි මමයි අපි තුන් දෙනා තැන් තුනක.. අම්ම බණ පොතටම සීමා වෙලා.. තාත්තට තනියෙන් කොස් ගෙඩියක් කඩා ගෙන ඇවිත් හදන්න තරම් උවමනාවක් නෑ.. අපේ ජීවිත දැන් තරමටම ඒ කාලේ සංකීර්ණ නෑ..මොනවා හරි දෙයක් හදා ගෙන කාලා පව්ලෙ කට්ටයම එක්ක චිමිනි ලාම්පුවෙ එලියෙන් ජීවත් උනු කාලෙට මම අදත් හරිම ආදරෙයි.. මම අදත් නිදහසක් ලැබුනු හැම වෙලාවෙම ඒ අතීත් මතක එක්ක පොර බදනවා. අපේ අම්මටයි තාත්තයි හීන තිබුනා.. අපි ඒවා හැබෑ කලා.. ඒත් හීන හැබෑ වෙනවත් එක්කම අපිට අපි මග ඇරිලා අම්මේ.. ආය පව්ලේ ඔක්කොම එක්ක එක්ක එකතු වෙලා කොස් මාලුවක් හදා ගෙන කන එක දැන් මගේ එකම හීනෙ වෙලා අම්මේ .
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-62324321131589470.post-37600454003739978502018-10-30T09:47:00.000-07:002018-10-30T09:47:04.804-07:00කපුවා" කීයද අන්තිම දෙන්නෙ? "
" තුන්දාහෙන් පාත බෑ මහත්තය "
"මේක පලුදු අනික දලං ලොට් එකට ගහන්නෙ... එක දාස් පන්සීයක් දෙන්නම් ... කැමති නම් "
.....විනාඩි කීපයක කසු කුසුවකි......
" දෙදාහක් වත් දෙන්න මහත්තය "
" බෑ.... මේක පජාති.. . කැමති නම් සල්ලි ගන්න නැත්නම් වෙන කෙනෙක්ට පෙන්නන."
හැත්තෑව දසකයේ මැද රුපියල් එක් දහස් පන්සියක් යනු ,සැලකිය යුතු මුදලකි... සේවකයකු යවා සිය නවතම ලාන්සර් ෆ්ලැට් ලයිට් කාරයේ ඩිකියෙහි තිබූ බ්‍රීෆ් කේසය ගෙන්වා ගත් මුදලාලි මහතා... සියයේ කොල වලින් පහලොවක් ගෙන පතල් කරුවන් අත තබා...
"ජාතියක් ගේනවකො ඕයී.... තමුසෙලා දෙන්නටම මොටෝ බයිසිකල් දෙකක් අරන් දෙනවා මං ගානේ" පැවසීය
ඔවුන් නික්ම ගිය පසු සිය හෙන්චයියන් දෙසට හැරුනු ඔහු... මැණික් ගල ඔවුනට පෙන්වා...
"තමුසෙලා දන්නවද.... ලක්ශ එක හමාරෙන් එහා වටිනවා... බේරුවල හාජ්ජියාර් කෙනෙක්ට දෙන්න පුලුවන් උඩින්"
එකෙනිහිම මැනික් සාප්පුව තුලට ගොඩ,වූයේ තරුණ කෝටිපති ව්‍යාපාරික මහතාගේ පුද්ගලික නක්ශාස්ත්‍ර කරුවා වූ වයස අවුරුදු හතලිහක් පමණ වූ මිනිසෙකි.
" මහත්තයෝ... හෙට කෙම්මුර දවස... හෙට කතරගම දේවලේ ගිහින් අර පූජාව තිබ්බොත් මේ ගමන ඉල්ලම දෙයියනේ කියලා සරු වෙයි"
" අනේ කපු උන්නැහේ හෙටම ගිහින් තියන්න ඒක වර්ද්දන්න එපා"
" ඒක තමා මාත් හිතුවේ බඩු ටිකට සල්ලි දුන්නා නම මම උදේම යන්නම් "
" ෆොන්සේකා.... දෙදාහක් ගනන් කරල කපු මහත්තය ට දෙන්න..."
යනුවෙන් ගෝලයාට කී මුදලාලි මහතා
" මගේ වන් එයිට් ෆයිව් (Honda CD 185) එක බැටරිය චාජ් වෙන්නත් එක්ක අරන් යන්න" යනුවෙන් කපු මහතාට කීවේය...
මේ අතර මුදලාලී හමුවට පැමිණියේ තවත් ඔහුගේ වත්තක සේවය කරන්නෙකු වූ තංගවේලුය....
" මාතියා... පෝර ටික ගන්ඩ යෙලාව ශරි..මාතියා..."
" තමුසෙලා පෝර කී පාරක් දාන්වද ඕයි..."
"ආං මේ තුන්සීයක් තියනව... පෝරා දාලා අර නෙත්ති කාණුව හදලා දානවා"
" ගියා මාසේ පඩි හිගයි මාතියා... රුපියල් අසූවක්..."
" තමුසේලා සල්ලි කොච්චර දුන්නත් මදිනේ ඕයී.... කනවද සල්ලි.... මේ වතු කෙරුවාවෙන් ලාබයක් නෑ ... අනික මේ ගලුත් හිගයි.... තමුසේ උදේම ඇහැලියගොඩ ගබඩාවෙන් පෝර ටික ගේනවා... මම ලොරිය එවන්නම්...
පසුදින... තංගවේලුත්... ඩ්‍රැයිවර් තැනත් රත්නපුර සිට අහැලියගොඩ දෙසට ලොරියෙන් ගමන් කරමින් සිටී
හදිස්සියෙම්ම රියදුරු තැන
" ඕයි තංගවේලු... මහත්තයගේ බයිසිකලේ නේද අර තේ කඩේ ලග?"
"අඩේ යප්පා.... අශූ අතයි අනූ දෙක නොම්මරෙ ඒකම් තමා සිල්වා අයියා...."
"#&#*@ යකෝ කපුවා කතරගං යනවා කියලා නේද ඕක ඉල්ලන් ගියේ...බලමූ කෝකටත්..."
ඔවුන් නොපෙන ඉසව්වක ලොරිය නවතා සිටියදී... හැඩ කාර කාන්තාවක් සමග මොටෝ සයිකලයට ගොඩ වූ කපුවා.... ආලවට්ටම් දමමින් එය පැද යන්නට වූ යේ කතරගමට නොව... අවිස්සාවේල්ල තානායම වෙතටය...
දින දෙකක පසු... මුදලාලිලා ගේ ගෙලෙහි වූයේ කපුවා කතරගමින් ජීවම් කර ගෙන ආ.... බලගතු සුරයකි.
" කතරගමට නියම වැඩ කාරයෙක් යවලා හදා ගෙන ආව සුරයක් මේක"
එය කන වැකුණු තංගවේලූ පැවසූයේ.
" එල්ලාම් පොයි ... පුණ්ඩේ ශුරේ මාතියා "
සත්‍ය කතාවක වෙනස් කිරීමකිUnknownnoreply@blogger.com0